නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: අම්මා නිදන හැටි බබාට වැදගත්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
සුව පියස

අම්මා නිදන හැටි බබාට වැදගත්

Published August 28, 2023

ගර්භණී කාලයේදී මවකට නිදාගැනීම සාමාන්‍යයෙන් දුෂ්කර කාර්යයක්. කොන්දෙ වේදනාව” නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව සහ කෙණ්ඩා පෙරළීම වැනි අපහසුතාවන් නිසා නිසා සුව නින්දක් ලබා ගැනීම අපහසු කාර්යයක්. ඒ වගේම ගර්භණීත්වය සමග උදරය විශාල වීමත් සමග ඇයට වෙනදා වගේ පහසු ඉරියව්වකින් නිදාගැනීමට නොහැකි වෙනවා. ඒ වගේම ගර්භණී මව්වරුන්ට ගැබ්ගැනීමේ පටන් වම් ඇලයට නිදා ගැනීම වඩාත් සුදුසුයි කියන මතයක් පවතිනවා. මේ පිළිබඳව විද්‍යාත්මක මතය විමසා බලමු.

ඕනෑම අයෙකුට එක් ඇලයටම නිදාගැනීම පහසු නැහැ.

නිදාගැනීම ආරම්භයේදී වම් ඇලයට නිදා ගැනීම සිදුවුණත් නින්දේදී එම ඉරියව්ව වෙනස් වේ. සමහරවිට දකුණු ඇලයට හෝ උඩු අතට හැරීම සිදුවනවා. මෙවැනි අවස්ථාවකදී කුස සිටින දරුවාට යම් අනතුරක් වෙතැයි ඇය තුළ බියක් ඇතිවිය හැක. ඒ නිසා ගර්භණී කාලයේ අවසාන මාස තුනක පමණ කාලයේ සිට වම් ඇලයට නිදා ගැනීමට උපදෙස් දෙන්නේ ඇයි?

ගැබ් නොගත් ගර්භාෂය ශ්‍රෝණි කුහරය තුළ පිහිටා තිබෙනවා. ගර්භණි සමයේදී කලලය වර්ධනය වනවිට ගර්භාෂය විශාල වෙනවා. ඒ වගේම මහා ධමනිය සහ අපර මහ ශිරාව පිහිටා ඇත්තේ කොඳු ඇට පෙළ මතයි. අපර මහ ශිරාව මගින් සිරුරේ පහළ කොටසට රුධිරය ගෙන යනු ලැබේ. අපර මහ ශිරාවේ බිත්ති තුනී වන අතර විශාලත්වයට පත්වන ගර්භාෂයේ තෙරපුම දරා ගැනීම අපහසුයි. අපර මහ ශිරාව තද වුණ විට මවගේ පාදවලට රුධිරය ලැබීම අඩු වෙනවා. රුධිරය පොම්ප කිරීම අඩුවීම නිසා ගර්භණී මවට වගේම කලලයටත් රුධිර සැපයුම අඩු වෙනවා. ඒ වගේම වැදෑමහට රුධිරය සැපයුමත් අඩුවෙනවා.

උඩුබැලි අතට නිදා ගැනීම…

ගැබිණි මවක් උඩුබැලි අතට නිදාගන්නා විට ගර්භාෂයේ බර නිසා කොඳු ඇට පෙළ නහර තෙරපෙන්න පුළුවන්. මේ වනවිට ගර්භණී මවකගේ කලලය කිලෝ දෙකක් පමණ බරකින් යුක්ත වෙනවා. ඒ බර කොඳුඇට පෙළට ලැබෙන විට මහා ධමනිය තෙරපුමට පත් වීමට පුළුවන්. මහා ධමනියේ බිත්ති ඝනකමින් යුක්ත නිසා කොඳු ඇට පෙළට පීඩනයක් ඇතිවනවා. ඒ නිසා බර කොඳුඇට පෙළට ලැබෙන විට මහා ධමනිය තෙරපුමට පත් වීමට පුළුවන්. මහා ධමනියේ බිත්ති ඝනකමින් යුක්ත නිසා කොඳු ඇට පෙළට පීඩනය ඇතිවනවා.

ඇලයට නිදා ගැනීම

ගර්භණී මව පැත්තට හැරී නිදාගන්නා විට හදවතට හොඳින් රුධිරය ගලා යන අතර හෘදය වස්තුවෙන් පොම්ප කරන රුධිරයද ශරීරය පුරා ගලායෑම සිදුවනවා. ඇලයට නිදාගන්නා විට ගර්භාෂය සහ කොඳු ඇට පෙළ අතර ඇතිවන තෙරපුමෙන් වැළකෙනවා. ඝනකමින් යුක්ත මහා ධමනිය කොඳු ඇට පෙළ මත අපර මහ ශිරාවට දකුණු පසින් පිහිටා තිබෙනවා. වම් ඇලයට නිදා ගන්නා විට මහා ධමනියේ තෙරපුම අපර මහ ශිරාවට ඇති නොවේ.

අවහිර වීමක් වුණොත්

ශරීරයේ අවයව පද්ධතිවලට රුධිරය ගෙන යන ප්‍රධාන ධමනිය අවහිර වීමක් සිදුවනවා. එවිට ශරීරයේ අවයව වෙත රුධිරය ගෙන යෑම හොඳින් සිදු වෙන්නේ ගර්භණී මවකට මේ තත්ත්වය සුදුසු නැහැ. මවට පමණක් නොව කුස තුළ වැඩෙන දරුවාටත් හොඳින් රුධිරය සැපයුමක් ලැබෙන්නේ නැහැ.

පැත්තට නිදා ගැනීමේ වාසි

ගර්භණී මවක් සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියට ආසන්න මාස තුනතදී පමණ ඇලයට හැරී නිදාගත් විට හෘදය වස්තුවට පෝෂ්‍ය පදාර්ථ සහ ඔක්සිජන් සපිරි රුධිරය වැඩි ප්‍රමාණයක් වැදෑමහ ඔස්සේ දරුවාට පොම්ප කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ගර්භණී මවගෙ අවයවවලටත් ඉතා යහපත් පරිදි රුධිරය සැපයුමක් ලැබෙනවා.

වම් ඇලය සුදුසු ඇයි?

මහා ධමනිය කොඳු ඇට පෙළ උඩ වම් පැත්තේ පිහිටා තිබෙනවා. වම් ඇලයට නිදාගන්නා විට මහා ධමනියට බර ඇති වෙන්නේ නැහැ. අපර මහ ශිරාව තද වීම වැළැක්වෙන නිසා හොඳම ඉරියව්ව වම විදිහට උපදෙස් දෙනවා. ඒ වගේම මේ තත්ත්වය වඩාත් බලපාන්නේ ඔක්සිජන් ඌනතාවක් ඇති ගර්භණි මව්වරුන්ටයි. ඒ වගේම අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග සංකුලතාවන් ඇතිවිටත් වම් ඇලයට සිටීම සුදුසුයි. ගර්භාෂයේ බර වැඩි නිවුන් දරුවන් පිළිසිඳ ඇති මව්වරුන්ටත් මේ ඉරියව්ව වඩා සුදුසු වුණත් නීරෝගී මව්වරුන්ට වම් ඇලයට නොසිටියාට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ.

 පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: health, sleep
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Dyson Zoneවලින් පිරිසිදු වාතය ලබා ගැනීම වැඩි ඈතක නොවේ

September 18, 2023

දුබල අස්ථිවලට ප්‍රතිකාර හරි හෙළ වෙදකමේ තියෙනවා

September 18, 2023

ගාල්ලේ රැදවියන් අතරේ තිබූ Meningococcal

September 18, 2023

හිසට අනතුරක් වුණොත් මොළයට ලේ ගැලීමක්

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?