කාන්තාවන් අතර යටිබඩ වේදනාව එසේත් නැත්නම් Pelvic Inflammatory Disease ඉතා සුලබ රෝග තත්ත්වයක්. ඔබත් මේ වේදනාවෙන් පීඩා විඳින කාන්තාවක් නම් ඒ වෙනුවෙන් වූ හේතු මොනවාදැයි දැනගෙන සිටීම ඉතාම වැදගත්.
යටිබඩ වේදනාවට හේතු මොනවාද?
බොහෝ කාන්තාවන්ට මාසික ඔසප් වීමට පෙර හා එම කාලය තුළදී යටිබඩ වේදනාවක් ඇති වුවද, Endometriosis රෝග තත්ත්වය ඇති කන්තාවන්ට මෙම කාලයේදී අධික ලෙස යටිබඩ කැක්කුම ඇතිවිය හැක. තවද මුත්‍රා ආසාදනවලදී ද කාන්තාවන්ට උදරයේ පහළ කොටසේ වේදනාවක් ඇති වේ.
ලිංගිකව බෝවන රෝග කාරක විෂබීජ
(උදාහරණ ලෙස ගොනෝරියාව, ක්ලැමඩියාව) යෝනි මාර්ගය හා ගැබ්ගෙල හරහා ඩිම්බ කෝෂ ආසාදනය වීමෙන් Pelvic Inflammatory Disease) ඇතිවිය හැක. මෙම තත්ත්වය ඇති කාන්තාවන්ට යටිබඩ වේදනාව,ලිංගික සම්බන්ධතාවලදී ඇතිවන වේදනාව වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක.
නිවරැදි වෛද්‍ය පරීක්ෂාව මෙන්ම ගැබ්ගෙල ශ්‍රාව, යෝනි මාර්ග ශ්‍රාව නියැඳි අන්වික්ෂ පරීක්ෂාව මගින් රෝගී තත්ත්වය හඳුනාගත හැක. උදර කුහරයේ ආසාදන තත්ත්වය හෙවත් PID තත්ත්වය නිවරැදිව හඳුනාගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරේ.
නිවරැදිව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් මෙම රෝග තත්ත්වය හේතුවෙන් පැලෝපීය නාළවල ඇතිවිය හැකි සංකුලතා නිසා දරුපල අහිමි වීම වැනි ගැටලු වළක්වා ගැනීමට හැකි වේ. මීට අමතරව සංසේචිත ඩිම්බය හෙවත් කලලය පැලෝපීය නාලවල තැන්පත් වීම නිසා (Ectopic pregnancy) කාන්තාවන්ට යටි බඩ වේදනාව ඇති විය හැකි බැවින් එය කල්තබා හඳුනාගැනීම හා නිවරැදි ප්‍රතිකාර මගින් මවගේ ජීවිත අවදානම වළක්වා ගතහැක.
ඉතාම කලාතුරකින් ඩිම්බකෝෂවල ඇතිවන ගෙඩිවල සංකුලතාවන් (Trotion of the overian cyst ) මෙන්ම ගර්භාෂයේ ගෙඩිවල ඇතිවිය හැකි සංකුලතා (Red degeneration of the flbrold ) නිසාද කාන්තාවන්ට යටිබඩ වේදනාව ඇතිවිය හැකිය.
එබැවින් යටිබඩ වේදනාවක් හෝ ලිංගික සම්බන්ධතාවලදී වේදනාවක් හෝ යෝනි මාර්ගයේ ශ්රාවයන්හි වෙනසක් ඇත්නම් ලිංගාශ්‍රිත රෝග සායනයකට යොමු වී රෝගය නිවරැදිව හඳුනාගැනීමට ගැබ් ගෙල පිළිකා හඳුනාගැනීමේ පැප් පරීක්ෂණය සිදුකර ගැනීමට අවස්ථාව ලැබේ. ඒ වගේම වැඩිවියට පත් සෑම කාන්තාවක්ම ඔසප් කැලැන්ඩරයක් නඩතත්ු කිරීමට පුරුදු පුහුණු වීම ඉතා වැදගත්.
කාන්තාවන්ට ඇතිවන යටිබඩේ වේදනාව සඳහා ලබාදිය හැකි ප්‍රතිකාර මොනවාද?
යටිබඩ වේදනාව ඇතිවීමට හේතුවන රෝග නිර්ණය අනුව ප්‍රතිකාර වෙනස් වේ
■ මුත්‍රා ආසාදනයක් නම් යෝනි මාර්ගයෙන් විෂබීජ ඉහළට ගමන් කර උදර කුහරයේ ඇති වූ ආසාදනයන් සඳහා නියමිත ප්‍රතිජීවක ඖෂධ ( Antlbiotic) ලබාදීම.
■ වේදනාව පාලනය කිරීම සඳහා ඖෂධ ලබාදීම.
■ මානසික උපදේශනය, ව්‍යායාම මෙන්ම ලිංගාශ්‍රිත රෝග වළක්වා ගැනීම වෙනුවෙන් ගතහැකි ආරක්ෂිත ක්‍රියාමාර්ග. උදාහරණ- උපත් පාලන කොපු පිළිබඳ දැනුවත් කිරීම.
නිවසේදී කළ හැකි ප්‍රතිකාර මොනවාද?
යටිබඩ ආශ්රිත ප්‍රදේශයේ වේදනාවක් ඇති වූ විට හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත්. කලාතුරකින් ගර්භාෂයෙන් පිටත කලලයක් වර්ධනය (Ectopic pregnancy) වීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි.
මෙවැනි අවස්ථාවකදී ඉක්මනින් රෝගී තත්ත්වය හඳුනාගෙන ශල්‍යකර්ම සඳහා යොමුකිරීම වැදගත්. එසේ නොවුණහොත් රෝගියාගේ ජීවිතය පවා නැතිවීමට ඉඩ තිබේ.මාසික ඔසප්වීම ඇතිවීමට පෙර හෝ එම කාලයේදී ඇතිවන යටිබඩේ කැක්කුම සඳහා මද උණුසුම් ජලයෙන් සම්බාහනය කිරීම සේම පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් නිවසේදීම ලබාදිය හැක.
කාන්තාවකට ලිංගික සම්බන්ධතාවක් පවත්වන විට වේදනාවක් ඇතිවීමට හේතු මොනවාද?
ලිංගාශ්‍රිතව බෝවන හර්පීස් රෝගය, කැන්ඩිඩා වැනි දිලීර ආසාදන තත්ත්වයන්, ලිංගික ප්‍රදේශවල සමෙහි ඇතිවන රෝගී තත්ත්වයන්, ගැබ්ගෙල හා යෝනිය අවට ඇතිවන පිළිකාමය තත්ත්වයන් මෙන්ම මානසික ගැටලු, ආර්තවහරණය (Menopause) නිසාද කාන්තාවකට වේදනාවක් ඇතිවිය හැක.
නමුත් බොහෝ විට අලුත විවාහ වුණ කාන්තාවකට නම් ලිංගිකත්වය පිළිබඳ උපදේශනය ලබාදීමෙන් මෙන්ම වේදනාව අවම කිරීම සඳහා අවශ්‍ය (Lubricant වැනි ඖෂධ, ව්‍යායාම මගින්ද මේ තත්ත්වය බොහෝ දුරට වළක්වා ගත හැක. තවද වෛද්‍යවරයකු හමු වී ලිංගික ප්‍රදේශවල යම් රෝගී තත්ත්වයක් තිබේදැයි හඳුනාගැනීම මෙන්ම ගැබ්ගෙල පිළිකා හඳුනාගැනීමේ පරීක්ෂණය නැතහොත් ‘පැප්’ පරීක්ෂණය සඳහා යොමුවීමද ඉතා වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️