Syestemic Lupus Erythematous
SLE ( Syestemic Lupus erythematous & SLE (Syestemic Lupus erythematous) යනු ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියේ අධි ක්‍රියාකාරීත්වය නිසා ඇතිවිය හැකි භයානක ආතරයිටිස් ගනයේ රෝග තත්ත්වයකි. මෙම රෝගය වයස අවුරුදු 15-44 අතර කාන්තාවන්ට හටගන්නා රෝග තත්ත්වයක් වන අතර මෙම රෝගයේදී හන්දි, සම, වකුගඩු, මොළය, හදවත වැනි අවයවවල සංකූලතාවන් ඇතිකරනවා. නිසිකලට නිසි ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍ය වන අතර එසේ නොකළහොත් ජීවිත හානිය දක්වා රෝග තත්ත්වය උත්සන්න විය හැක.උපතින් පිහිටි ජාන සංකුලතා ඇති රෝගියකුට වගේම පාරිසරික, හෝමෝන ගැටලු, ඖෂධවලින් ඇතිවන තත්ත්වයන් සහ හඳුනානොගත් හේතූන් නිසා SLE රෝගය ඇතිවීමට පුළුවන්
SLE රෝග ලක්ෂණ
SLE රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මෙම රෝගය ගැන නිසි අවබෝධයක් නොමැති අවස්ථාවලදී සමහර වෛද්‍යවරුන්ට පවා රෝගය හඳුනාගැනීම අපහසු වේ.
- මහන්සි ගතිය
- හුස්ම ගැනීමේ අපහසුතාව.
- හන්දි කැක්කුම.
- හන්දි ඉදිමීම.
- කොණ්ඩය යෑම.
- නාසය දෙපස සමනලයකු ආකාරයට අවපැහැවීම.
- අව්වට යන විට සමේ සමහර ස්ථාන රතුවීම.
- බර අඩුවීම.
- කටේ තුවාල ඇතිවීම.
- බෙල්ල වටා කුද්දටි ඇති වීම.
වැනි රෝග ලක්ෂණ බහුලව දක්නට ලැබේ.
තවත් භයානක සංකූලතාවන්…
මෙම රෝගයට සම්බන්ධව භයානක රෝග සංකූලතාවන් දක්නට ලැබෙනවා. එයින් වකුගඩු අකර්මන්‍ය වීම භයානක රෝග සංකූලතාවක්. මෙම තත්ත්වය හය ආකාරයකින් ඇති වියහැකි වුණත් එයින් අවස්ථා හතරක් වෙනුවෙන් ප්‍රතිකාර අවශ්‍ය වේ. නිසිකලට ප්‍රතිකාර නොකළහොත් වකුගඩු අකර්මන්‍ය වී වකුගඩු බද්ධ කිරීමට පවා සිදුවනවා.
මොළයට බලපෑම…
රෝගය මොළයට බලපෑම නිසා සුළු ඔළුවේ කැක්කුමේ සිට වලිප්පුව දක්වා සංකූලතාවන් ඇතිවීමට පුළුවන්. ඉරුවාරදය තත්ත්වය SLE රෝගීන් අතර බහුලව දක්නට ලැබෙනවා. සමහර රෝගීන්ගේ පෞරුෂයේ වෙනස්කම් (Personality changes) පවා දකින්න ලැබෙනවා.
හෘදය වස්තුවට…
හෘදය වදස්තුවේ බිත්ති ඉදිමීම නිසා දැඩි සංකූලතාවන් ඇතිවනවා වගේම හෘදයේ නහර ඇහිරීම නිසා අඩු වයසින් පපුවේ අමාරු ඇතිවීමට පුළුවන්. පෙනහලුවල ඇතිවන ප්‍රදාහයන් නිසා හුස්ම ගැනීමේ අපහසුතාවන් ඇතිවනවා.රුධිර පද්ධතියට බලපෑම නිසා සිරුරේ ලේ අඩුවීම ( ඇනීමියා ) තත්ත්වය සුදු රුධිරාණු අඩුවීම, රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම වැනි රෝග ලක්ෂණ ඇතිවනවා. සමහර අවස්ථාවලදී රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීමට හේතු සොයන විට SLE රෝගය නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බැව් තහවුරු වෙනවා.
මෙම රෝගය සමග තවත් APLS යනුවෙන් හැඳින්වෙන රුධිරයේ ලේ කැටි වැඩිවීමේ රෝග තත්ත්වයක් ඇතිවනවා. විශේෂයෙන් මේ තත්ත්වය ගැබ්ගත් අම්මලාට වගේම දරු කලලයටත් දැඩි ප්‍රශ්න ඇතිවනවා. සමහර SLE රෝගය ඇති මව්වරුන්ගේ පිහිටන දරු කලලයේ හෘදගැස්ම අඩුවනවා. ඉතාම සරලව කිවහොත් රෝගය නිසා ශරීරයේ බහුතරයක් අවයවවලට බලපෑම් ඇතිකරනවා වගේම එයින් ඇතිවන සමහර සංකූලතාවන් මාරාන්තික තත්ත්වයක් දක්වා බලපාන බැව් කිව යුතුයි.
SLE රෝග නිර්ණය කරගැනීම
SLE රෝග තත්ත්වය සඳහා වූ රෝග නිර්ණය කිරීම අපහසු දෙයක්. ඊට හේතුව වන්නේ SLE රෝගයේදී දක්නට ලැබෙන රෝග ලක්ෂණ වෙනත් රෝග තත්ත්වයන් සමග දක්නට ලැබීමයි. ඒ වගේම සමහර පරීක්ෂණවල ප්‍රතිඵල වෙනත් රෝගවල වෙනස් වන ආකාරයටම මෙම රෝගයේදී වෙනස් වීමට පුළුවන්. මම රෝග තත්ත්වය නිර්ණය කර ගැනීමේදී අනිවාර්යෙන් ANA පරීක්ෂණය සිදුකරනවා.
මෙම පරීක්ෂණය පොසිටිව් වනවා වගේම පොසිටිව් වන ප්‍රමාණය (Titre) සහ ANA වර්ගය (Pattern) එක වැදගත් වනවා. කලාතුරකින් රෝග ලක්ෂණ නොමැතිව පවා මෙම පරීක්ෂණය පොසිටිව් වීමට පුළුවන්. එවැනි අවස්ථාවකදී හන්දි රෝග පිළිබඳ වෛද්‍යවරයකු හමුවීම ඉතා වැදගත්.
ඊට අමතරව FBC – ESR වැනි පරීක්ෂණ සිදු කරනවා FBC පරීක්ෂණය මගින් රුධිරයේ හිමෝග්ලෝබින් අඩුවීම, රුධිර පට්ටිකා අඩුවීම, සුදු රුධිරානු අඩුවීම දකින්න පුළුවන්. ඒ අතර ESR අගය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවනවා.
ඊට අමතරව මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවන ප්‍රමාණය අනුව (urine protein creatinine ratio) වකුගඩුවට ඇති වී තිබෙන බලපෑම හඳුනාගැනීමට පුළුවන්. එම අගය වැඩිනම් පටක (Biopsy) මගින් වකුගඩුවට විශේෂ ලෙසින් ප්‍රතිකාර ලබාදීමට අවශ්‍යද යන්න තීරණය කරනවා.
Ds DNA iy sereum complements (C 3 සහC 4 යන පරීක්ෂණ දෙක රෝගයේ රෝගයේ තීව්‍රතාවය නිර්ණය කිරීම සඳහා භාවිත කරනවා. ඊට අමතරව සිරුරේ ලේ කැටිගැසීමේ අවදානම පරීක්ෂා කිරීම සඳහා (විශේෂයෙන් ගැබ්ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින) APLS screen නමින් හැඳින්වෙන රුධිර පරීක්ෂණ කීපයක්ද සිදුකරනවා.
රෝගයට ප්‍රතිකාර කරන්නේ කෙසේද?
මෙය ඉතාම සංකීර්ණ දෙයක්. බහුතරයක් රෝගීන්ට ජීවිතය පවතින තෙක් බෙහෙත් බීමට සිදුවනවා. ලබාදෙන ඖෂධ රෝගියාගෙන් රෝගියාට වෙනස්. සියලුම රෝගීන්ට H® ඖෂධය දිනපතාම ගැනීමට සිදුවනවා.
ආතරයිටිස් අමාරුවලට මෙම ඖෂධය හැරුණ විට Methotrexate (ඉරිදා පෙති) සහ ්‘Methotrexate ගැනීමට සිදුවන අවස්ථා තිබෙනවා. ඊට අමතරව සුළු ප්‍රමාණයක් හෝ Prednisolone ඖෂධ ගැනීමට සිදුවනවා.
ඉහත ඖෂධවලට අමතරව වකුගඩු අපහසුතාවන් ආවොත් ලේ නහරවලට කෙලින්ම ලබාදෙන (Cyclophospohmide ,rituximab ) ඖෂධවලට අමතරව MMF ඖෂධ සහ Prednisolone වැඩි මාත්‍රාවකින් ලබාදෙන අතර රුධිරයේ ලේ කැටි ගැසීම වැළැක්වීම සඳහා සමහර රෝගීන්ට ඇස්ප්‍රින් ලබාදෙනවා. ඊට අමතරව සමේ ඇතිවන සංකූලතාවන් සඳහා විවිධ බෙහෙත් වර්ග ඇති අතර වෙනත් අවයවයන්හි ඇති ගැටලුවලට විශේෂ ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.
මෙම රෝගයට ලබාදෙන ප්‍රතිකාර සාර්ථකද?
ඉතාම සාර්ථකයි. ගැටලු ඇතිවන්නේ රෝග නිර්ණය ප්‍රමාද වූ විට සහ ඖෂධීය ප්‍රතිකාර මගින් රෝගය යම් තත්ත්වයකින් අඩපණ වූ විට රෝගියා හිතුමතයේ බෙහෙත් නතර කිරීම නිසායි. SLE රෝගයට වගේම බහුතරයක් හන්දි රෝගවලට නිසි කලට නිසි ප්‍රමාණයට ප්‍රතිකාර කිරීමට සිදුවන අතර එම රෝග ප්‍රතිකාර බාගෙට කිරීම නිෂ්ඵල වනවා.
තවද නිවැරදි ඖෂධය වුණත් අඩු මාත්‍රාවකින් ලබාගැනීම ප්‍රතිඵල රහිතයි. ඒ නිසා මුල් අවධියේදීම වෛද්‍යවරයකු හමුවීම ඉතාම වැදගත්. ඒ වගේම ප්‍රතිකාරවල සංකූලතාවයන් ගැන වෛද්‍යවරයාගෙන් විමසීම හැර වෙනත් හෝ ඖෂධවේදියාගෙන් විමසීම නිෂ්ඵල කාර්යයක්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️