නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අක්මා ප්‍රදාහය –  Heapatities
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

අක්මා ප්‍රදාහය –  Heapatities

Published October 21, 2024
විවිධ හේතුන්ගෙන් අක්මාවට හානිවනවා. එවැනි හානි නිසා එහි ඇතිවන ඉදිමුම අක්මාවට හානිවීම අපි ‘අක්මා ප්‍රදාහය’ හෙවත් හෙපටයිටිස් යනුවෙන් හඳුන්වනවා. අක්මාව ප්‍රදාහයට පත්වීම එහි ඉදිමීමට සහ ක්‍රියාකාරීත්වයට බලපානවා. අක්මාව ප්‍රදාහය ආකාර දෙකකින් සිදුවනවා.
  • තීව්‍ර අක්මා ප්‍රදාහය – Actue Heapatities
  • නිදන්ගත අක්මා ප්‍රදාහය Choronic- Heapatities

තීව්‍ර අක්මා ප්‍රදාහයේ රෝග ලක්ෂණ

මේ රෝග තත්ත්වයේදී ඇතිවන අක්මා ප්‍රදාහ තත්ත්වය තාවකාලිකයි. සති හයකට වඩා අඩු කාලයකින් එය සුවපත් වෙනවා.

නිදන්ගත අක්මා ප්‍රදාහය

නිදන්ගත අක්මා ප්‍රදාහය සති හයකට වඩා වැඩි කාලයක් පවතිනවා. ඒ වගේම පූර්ණ සුවයක් ලැබෙන්නේ නැහැ.

අක්මා ප්‍රදාහයට බලපාන හේතු මොනවාද?

■ අක්මා ප්‍රදාහයට ප්‍රධාන හේතුව වෛරස ආසන වේ. මෙලෙස අක්මා ප්‍රදාහයට හේතුවන වෛරස කාණ්ඩ කීපයක් තිබෙනවා. ඒවා A , B, C,D සහ E යනුවෙන් හැඳින්වීමට පුළුවන්.

■ අධික ලෙස මද්‍යසාර භාවිතය.

■ ස්වයං අධික්‍රියාකාරී ප්‍රතිශක්ති රෝග තත්වය (Auto-immune)
මෙහිදී රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන අසමතුලිත බව නිසා අක්මා සෛලවලට පහරදීමක් සිදුවනවා.

■ විවිධ විෂ වර්ග.

■ අධි මාත්‍රාවකින් දීර්ඝ කාලයක් ඖෂධ ලබාගැනීම.

අක්මා ප්‍රදාහයේ රෝග ලක්ෂණ මොනවාද?

  • මද උණ.
  • අධික මහන්සිය.
  • ආහාර අරුචිය.
  • ඔක්කාරය හා වමනය.
  • උදර වේදනාව.
  • කහට පැහැයෙන් මුත්‍රා පිටවීම.
  • මල පහ කිරිමැටි ස්වභාවයෙන් සහ සුදු පැහැයෙන් යුක්ත වීම.
  • සම සහ සුදු ඉංගිරියාවේ වර්ණය කහ පැහැ ගැනිම (Jaundice)
  • හන්දි වේදනාව.

හෙපටයිටිස් A

■ හෙපටයිටිස් A වෛරසය ආහාර මගින් සම්ප්‍රේෂණය වනවා. බොහෝ විට සෞඛ්‍යාරක්ෂිත ලෙසින් ආහාර පිළියෙළ නොකිරීම නිසා හෙපටයිටිස් A වෛරසය සම්ප්‍රේෂණය වීම සිදුවනවා.

■ ආසාදිත පුද්ගලයෙකුගේ මල පහ ආහාරවලට මුසු වී තවත් අයට රෝගය සම්ප්‍රේෂණය වීමේ හැකියාව තිබෙනවා.

■ හෙපටයිටිස් A ආසාදිත රෝගියකුට ඉතා හොඳින් සුවය ලැබීමේ අවස්ථාව තිබෙනවා. ඉතාමත් සුළු පිරිසකගේ පමණක් අධි අක්මා ප්‍රදාහය උත්සන්න වී අක්මාව අකර්මන්‍ය බවට පත්වීමට සුළු අවදානමක් තිබෙනවා.

හෙපටයිටිස් B

1- රුධිර සහ ශරීරයේ තරල (කෙළ, ශුක්‍රාණු සහ යෝනි තරල) මගින්.

2- අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවන්.

3- මත්ද්‍රව්‍ය ගන්නා පුද්ගලයන් – මත්ද්‍රව්‍ය ගන්නා පුද්ගලයන් ඒ සඳහා භාවිත කරන විෂබීජහරණය නොකළ එන්නත් කටු නිසා.

4- ටැටූ වැනි කටයුතුවලදී විෂබීජහරණය නොකළ එනන්ත් කටු නිසා ආසාදිත රෝගියකුගේ විෂබීජ නීරෝගී පුද්ගලයකුට සම්ප්‍රේෂණය වීමට ඉඩ තිබෙනවා. 5- සෞඛ්‍ය සේවකයන්ට මෙම රෝගය බෝ වීමේ අවදානමක් (Accidentally injury) තිබෙනවා.

ප්‍රතිකාර කටයුතුවලදී ආසාදිත රෝගීන්ගේ තරල ( එන්නත් කටු ආශ්‍රයෙන් ) නිරෝගී පුද්ගලයකුට සම්ප්‍රේෂණය වීමට ඉඩ තිබෙනවා.අක්මා ප්‍රදාහ රෝග තත්ත්වය තීව්‍ර අක්මා ප්‍රදාහයක් විදිහට ඇති වී බොහෝ රෝගීන් ඉතා හොඳින් සුවය ලබනවා. 5% ක් පමණ නිදන්ගත අක්මා රෝග තත්ත්වයට පත්වනවා.

හෙපටයිටිස් C

හෙපටයිටිස් C‍ රෝග තත්ත්වය ආසාදිත රෝගියකුගේ රුධිරය මගින් බෝවීම සිදුවනවා. විශේෂයෙන් මත් ද්‍රව්‍ය භාවිත කරන අය විෂබීහරණය නොකළ එන්නත් කටු බෙදා ගෙන පාවිච්චි කිරීම, ටැටූ කටයුතුවලදී විෂබීජහරණය නොකළ කටු භාවිතා කිරීම වැනි හේතුන් බලපානවා.

බාහිරව රුධිරය ලබාගැනීම හෙවත් රුධිර පාරවිලයන රෝගීන්

නමුත් දැන් රුධිර පාරවිලයනයක් කිරීමට පෙරාතුව ඒ රුධිරය පරීක්ෂා කිරීම සිදුවනවා. ඒ නිසා රුධිර පාරවිලයන තත්ත්වයෙන් හෙපටයිටිස් C‍ වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවස්ථාවක් ඉතා විරලයි. හෙපටයිටිස් C‍ තත්ත්වය තිව්‍ර අක්මා නොවන අතර වෛරසය නිදන්ගත රෝග තත්ත්වයක රෝග තත්වයක් විම.

හෙපටයිටිස් D

රුධිරය හා රුධිර සහ ශරීරයේ තරල ( කෙළ, ශුක්‍රාණු සහ යෝනි තරල ) මගින් බෝ වීම සිදුවේ. මෙම රෝග තත්ත්වය හෙපටයිටිස් B වැළඳුන රෝගීන්ට පමණක් ඇතිවේ.

රෝග විනිශ්චය

රෝග ලක්ෂණ සහ රෝග ඉතිහාසය අනුව වෛද්‍යවරයා විසින් රෝග තත්ත්වය පිළිබඳව යම් විනිශ්චයක් ගොඩනගා ගන්නවා. ඊට අමතරව රෝගියා විසින් ලබාගත යුතු පරීක්ෂණ වාර්තා කීපයක් තිබෙනවා.

රුධිර පරීක්ෂණ

මෙම රුධිර පරීක්ෂණ මගින් අක්මා ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සහ රුධිර පරීක්ෂණ මගින් රෝග කාරක වෛරස හඳුනාගැනීම සිදුකරනවා.

අක්මා ව්‍යුහය සඳහා සිදුකරන පරීක්ෂණ

අක්මාවේ ප්‍රදාහය නිසා අක්මාවේ ව්‍යුහමය වෙනසක් ඇත්දැයි වූ පරීක්ෂා කිරීම සඳහා අල්ට්‍රා සවුන්ඩ් MRI සහ CT පරීක්ෂණ ලබාගැනීම.

පටක පරීක්ෂණය Biopcy

නිදන්ගත අක්මා රෝග තත්ත්වයක නිසා අක්මාවට හානි සිදුවීමක් හඳුනාගැනීමට අක්මාවේ පටක පරීක්ෂාවක් සිදුකරනවා.

රෝග සංකුලතාවන්

අධි තීව්‍ර අක්මා ප්‍රදාහය (Fulminant Heapatities) නිසා අක්මාව අකර්මන්‍ය වීමේ තත්ත්වයකට පත්වීමේ අවදානමක් තිබෙනවා. මෙය අක්මා බද්ධ කිරීමේ තත්ත්වය දක්වා තත්ත්වය බරපතළ විය හැක. හෙපටයිටිස් B සහ හෙපටයිටිස් ක්‍ නිසා ඇති වෙන සිරෝසිස් තත්ත්වය. නිදන්ගත අක්මා ප්‍රදාහය නිසා අක්මා පිළිකා ( Hepatoma) තත්ත්වය ඇති වේ.

අක්මා ප්‍රදාහයට ප්‍රතිකාර

අක්මා ප්‍රදාහයට බලාඇති හේතු හඳුනාගැනීම. ඒ වගේම අදාළ ප්‍රභේදය අනුව ප්‍රතිකාර වෙනස් වේ. තීව්‍ර අක්මා ප්‍රදාහයේදී බොහෝ විට නිශ්චිත ප්‍රතිකාර නොමැති අතර රෝග ලක්ෂණවලට ප්‍රතිකාර ලබාදීම සිදුවේ. රෝගියාට විවේකය, සෞඛ්‍යාරක්ෂිත ලෙසින් ආහාරලබා දීම සහ අක්මා ප්‍රදාහය නිසා හානි වීමේ අවදානම පිළිබඳව අක්මාව අධික්ෂණය කිරීම.

රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර ලබාදීම

( වමනය, ඔක්කාරය ) නිදන්ගත අක්මා ප්‍රදාහයේදී අක්මා ප්‍රදාහයට හේතුකාරක වෛරසය හඳුනාගෙන අදාළ රෝකාරක අනුව ප්‍රති වෛරස ඖෂධ ලබාදීම. ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග තත්ත්වයේදී ප්‍රතිශ්තිකරණය සමතුලිත කිරීම.මද්‍යසාර භාවිතය නැවතීම.

අක්මා ප්‍රදාහය වළක්වා ගැනීමට

■ හෙපටයිටිස් A සහ E රෝග තත්ත්වයෙන් ආරක්ෂාව ලබාගැනීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ලෙසින් ආහාර පිළියෙළ කිරීම සහ අනුභව කිරීම.

■ පුද්ගලයන්ගේ තරල මගින් රෝගකාරකයන් සම්ප්‍රේෂණය වීමට ඉඩ තිබෙන නිසා එන්නත් කටු භාවිතයේදී නිසි පරිදි විෂබීජහරණය කිරීම.

■ අධි අවදානම් කාණ්ඩ ලෙස ගැනෙන උදාහරණ ලෙස සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ නිරත අය වෙනුවෙන් හෙපටයිටිස් B තත්ත්වයෙන් ආරක්ෂාව සඳහා වෙනුවෙන් එන්නත් ලබාදීම.

■ හෙපටයිටිස් A රෝග තත්ත්වයෙන් ආරක්ෂාව ලබාගැනීම සඳහාත් එන්නත් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.

මේ නිසා ඔබේ අක්මාව ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවීමට හේතු කාරක සාධක හඳුනාගෙන අක්මාව ප්‍රදාහයට පත්වීමට ඉඩ නොදී ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත්. ඔබේ නොසැලකිල්ල නිසා අක්මාවේ ක්‍රියාකාරීත්වයට හානි සිදුවුණොත් එයින් ඇති වෙන සංකුලතාවන් ඉතා දරුණු වීමටත් ඉඩ තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බඩවැලෙත් ලෙඩ ඇතිවෙන්න පුළුවන්

May 19, 2025

ජානමය හේතු නිසා ඇතිවන තයිරොයිඩ් රෝග

May 19, 2025

ටෙස්ටොස්ටොරන් මට්ටම හොඳින් තියාගන්න.

May 19, 2025

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?