තෙම්පරාදුවට අවශ්‍ය ද්‍රව්‍ය
- තෙල් මේස හැඳි 1
- සූදුරු තේ හැඳි 1/4
- කරපිංචා ඉති 1
- වියලි මිරිස් කරල් 3
- මිරිස් කුඩු තේ හැඳි1/4
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1/2
ඉහත අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල තෙල් රත් වූ පෑන් එකකට දමා තම්පරාදූ කර සාදාගත් පරිප්පු කරියට කලවම් කර ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
- පරිප්පු ග්‍රෑම් 100
- තෙල් මේස හැඳි 2
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1/2
- ඉඟුරු සහ සුදු ලූනු පේස්ට් තේ හැඳි 1/2
- අමුමිරිස් කරල් 2
- මිරිස් කුඩු තේ හැඳි 1 1/4
- කහ කුඩු තේ හැඳි 1/2
- තුනපහ කුඩු තේ හැඳි 3/4
- බැදපු තුනපහ කුඩු තේ හැඳි 1/2
- වතුර
- රස අනුව ලුණු
- තක්කාලි ගෙඩි 1
- කරපිංචා ඉති 1
සාදාගන්නා ආකාරය
පරිප්පු හොඳින් සෝදා විනාඩි 15 ක් පමණ පෙගෙන්න හැර වතුර පෙරා පසෙකින් තබන්න. තෙල් රත් වූ පෑන් එකකට ලූනු, ඉඟුරු, සුදුලූනු, අමුමිරිස්, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු, බැදපු තුනපහ කුඩු, ලුණු හා පරිප්පු ටික එකතු කර හොඳින් මිශ්‍ර කර තක්කාලි, කරපිංචා සහ වතුර කෝප්ප 2 ක් එකතු කර පිසගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/11/chammi-imalka.png)