අවශ්‍ය ද්‍රව්‍ය
- අලිගැටපේර ගෙඩි 1
- මිල්ක්මේඩ් කෝප්ප 3/4
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 2
- ජෙලටින් මේස හැඳි 2
- වැනිලා තේ හැඳි 2
- සීනි කෝප්ප 1/2
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තබා කිරි ටික එකතු කර උණු වනවිට සීනි එකතු කරන්න. මද වේලවකට පසුව මිල්ක්මේඩ් ටික දාලා හැඳිගාන්න. සීනි දිය වූ පසු මේක ළිපෙන් ඉවත් කර නිවෙන්න හරින්න.
ජෙලටින්වලට උණුවතුර කෝප්ප 1/4 ක් දමා පෙඟෙන්න හරින්න. අලිගැටපේර ගෙඩිය කපලා බ්ලෙන්ඩර් එකට දාලා කිරි මිශ්‍රණයත් එකතුකර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. දැන් මෙයට ජෙලටින් ටිකත් එකතු කරලා කලවම් කරගන්න. බටර් ග්ලේස් කරපු මෝල්ඩ් එකකට දාලා පැය 4 ක් පමණ ශීතකරණයෙ තබා කෑමට ගන්න.