අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා කැබලි කපාගත් අල ගෙඩි 2
- තෙල් මේස හැඳි 1 1/2
- සිහින්ව කපාගත් ලූනු 2
- කරපිංචා ඉති 2
- රම්පෙ කොල 1
- කුරුඳුපොතු කැබැල්ලක්
- කහ කුඩු තේ හැඳි 1/4
- රස අනුව ලුණු
- කෑලි මිරිස් මේස හැඳි 1- 2
- මිරිස් කුඩු තේ හැඳි 1/4
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
සාදාගන්නා ආකාරය
තම්බාගත් අල ලුණු, මිරිස් කුඩු, කෑලි මිරිස් සහ ගම්මිරිස් කුඩු එකතු කර කලවම් කරගන්න. තෙල් රත් වූ පෑන් එකකට ලූනු, රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු, කහකුඩු සහ ලුණු කුඩු එකතු කර හොඳින් තෙම්පරාදුව කරගෙන එයට අල එකතුකර කලවම් කරගන්න.
