අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි ග්‍රෑම් 350
- සීනි ග්‍රෑම් 320
- බටර් ග්‍රෑම් 300
- බේකින් පවුඩර් තේ හැඳි 3 1/2
- කුරුඳු කුඩු තේ හැඳි 3/4
- බිත්තර 5
- කජු කැබලි කෝප්ප 1/2
- මිල්ක්මේඩ් පොඩිටින් 1/2
සාදාගන්නා ආකාරය
බටර් හා සීනි ක්‍රීම් වනතුරු බීට් කරන්න. මිල්ක්මේඩ්, බිත්තර, කුරුඳු කුඩු එක්කර නැවත හොඳින් බීට් කරගන්න.බේකින් පවුඩර් මිශ්‍ර කර තුන්වරක් හලා ගත් පිටි එක්කර හැන්දකින් කලවම් කර මිශ්‍රණය කේක් කප්වලට දමා ගන්න. අංශක 180 උෂ්ණත්වය යටතේ මිනිත්තු 18 – 20 බේක් කර නිවුනු පසු කුරුඳු කුඩු ස්වල්පය බැගින් උඩින් ඉසගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/riska-rasik-1.png)