අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් ගා රෝස් කරගත් පාන් පෙති 2
- හැම් පෙති 2
- චීස් පෙති 1
- මයෝනිස් මේස හැඳි 1
- තක්කාලි සෝස් මේස හැඳි 1
- සලාද කොළයක්
- ලූනු පෙත්තක්
- තක්කාලි පෙත්තක්
සාදාගන්නා ආකාරය
මයෝනිස් සෝස් එකට දමා හොඳින් කලවම් කරගන්න. රෝස් කරගත් පාන් පෙති මැදට සාදාගත් මයෝනිස් මිශ්‍රණය හොඳින් තවරාගන්න. පාන් පෙත්තකට සලාද කොළය සහ එක හැම් පෙත්තක් තියා නැවත එයට උඩින් කපාගත් ලූනූ තක්කාලි එකතුකරගෙන නැවත චීස් පෙත්ත සහ ඉතිරි හැම් පෙත්ත එකතුකර අනික් පාන් පෙත්තෙන් වසාගන්න.