නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: Thanduri Chicken Pizza
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
ඉවුම් පිහුම්

Thanduri Chicken Pizza

Published September 4, 2023

පීසා ඩෝ එක සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන්පිටි කෝප්ප 2
  • මද උණුසුම් වතුර කෝප්ප 1/2
  • සීනි තේ හැඳි 1
  • යීස්ට් තේ හැඳි 1
  • ඔලිව්තෙල් මේස හැඳි 2
  • ලුණු තේ හැඳි 1

සාදාගන්නා ආකාරය

බෝල් එකකට උණුවතුර ටික දමා එයට සීනි සහ යීස්ට් එකතු කර හොඳින් කලවම් කර විනාඩි 5 ක් පිපෙන්නට හරින්න. එයට පාන්පිටි, ඔලිව්තෙල් හා ලුණු දමා අතේ නොඇලෙන පදමට මෘදු ලෙස ඩෝ එකක් හදාගන්න. එය පිටි ඉසගත් ලෑල්ලක් මත තබා අත්ලෙන් තමන්ගෙ පැත්තට විරුද්ධ පැත්තට තල්ලු කරමින් අනාගන්න. ඩෝ එක හොඳටම සොෆ්ට් වෙනකම් විනාඩි 15-20 ක් නීඩ් කරගෙන වටේට පිටි ටිකක් ඉස ලන්ච් ශීට් එකකින් වසා පැය 2 ක් පිපෙන්නට හරින්න.

පැය 2 කට පසු හොඳට ඩෝ එක නීඩ් කරලා හුළං ගතිය ඉවත් කර කොටස් දෙකකට වෙන්කර පෙර පරිදි නීඩ් කරගන්න. එය නැවත පිටි ඉසින ලද තැටියකට දමා රවුමට තුනී කර වටේ ගණකම ඇති වන සේ පීසා එක හදාගන්න. ටොපින් හා සෝස් එකතු කිරීමට පෙර ගෑරැප්පුවෙන් ඇන සිදුරු සදාගන්න

තන්දූරි චිකන් පීසා සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුඩාවට කපාගත් කටු රහිත චිකන් ග්‍රෑම් 500
  • ඔලිව්තෙල් ස්වල්පයක්
  • ඉඟුරු, සුදුලූනු පේස්ට් තේ හැඳි 1
  • මිරිස්කුඩු තේ හැඳි 1
  • කහකුඩු තේ හැඳි 1
  • කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
  • තන්දූරි පේස්ට් මේස හැඳි 3

සාදාගන්නා ආකාරය

පෑන් එකට ඔලිව්තෙල් ස්වල්පයක් එකතුකර රත්වනවිට ඉඟුරු, සුදුලූනු පේස්ට් එක දමා තෙම්පරාදු කරගන්න. මද වේලාවකින් චිකන් එකතුකර හොඳින් ෆ්‍රයි කරගෙන මිරිස්කුඩු, කහකුඩු හා කොත්තමල්ලි කුඩු එකතු කරන්න. රස අනුව ලුණුද එක් කරගන්න.

චිකන් වල වතුර ගතිය මතුවීගෙන එනවිට හොඳින් කලවම් කර තන්දූරි පේස්ට් එක එකතුකර කලවම් කර විනාඩි 8 කින් ඉවතට ගන්න. තුනීකරගත් පීසා ඩෝ එකට පීසා සෝස් තවරා මොසරැල්ලා චීස් අතුරා සෙල්සියස් අංශක 200 ට ප්‍රීහීට් කරගත් අවන් එකක විනාඩි 5 ක් බේක් කරගන්න. අවන් එකෙන් එළියට ගෙන සාදාගත් මිශ්‍රණය දමා විනාඩි 15 ක් බේක් කරගෙන නැවත එළියට ගෙන උඩින් මොසරැල්ලා චීස් අතුරා නැවතත් විනාඩි 5 ක් බේක් කරගන්න.





 

TAGGED: pizza, Thanduri Chicken Pizza
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Virgin Mojito

September 18, 2023

Pineapple Cobbler

September 18, 2023

Shirley Ginger

September 18, 2023

Potato Nuggets

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?