අවශ්‍ය ද්‍රව්‍ය
කුකින් චොකලට් ග්‍රෑම් 200
ඉදුණු කෙසෙල් ගෙඩි 2
මී පැණි ග්‍රෑම් 100
කුඩු කරගත් කජු ග්‍රෑම් 150
පෙති පාන් 10
බටර් ග්‍රෑම් 50
සාදාගන්නා ආකාරය
කුකින් චොකලට් ටික ඩබල් බොයිල් කරගන්න. බටර් තවරාගත් පාන් පෙති මත චොකලට්ද තවරා ඒ මත පෙති කපාගත් කෙසෙල් තබාගන්න. ඊට උඩින් මී පැණි වත් කර කජු ඉසගෙන සෙල්සියස් අංශක 160 ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 5 ක් පුළුස්සාගන්න.