අවශ්‍ය ද්‍රව්‍ය
- හකුරු කෝප්ප 1/2
- ආමන්ඩ් කෝප්ප 1 1/2
- කරඳමුංගු කරල් 4
- වතුර කෝප්ප 1/4
- ගිතෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
ට්‍රේ එකක් ගෙන එයට බේකින් පේපර්ස් එලා ගිතෙල් තවරා පැත්තකින් තියන්න. ආමන්ඩ් හා කරඳමුංගු පවුඩර් එකක් ලෙස ග්‍රයින්ඩ් කරගන්න. පෑන් එකක් ළිපේ තබා එයට හකුරු හා වතුර දමා හොඳින් කලවම් කරන්න. අනතුරුව එය පෙරාගෙන නැවත පෑන් එකට දමා ළිප මත තබා උතුරවාගන්න.
සිරප් එකක් ආකාරයට හකුරු මිශ්‍රණයේ පදම ආ පසු කලින් ග්‍රයින්ඩ් කර ගත් ආමන්ඩ්, කරඳමුංගු මිශ්‍රකරගන්න. අවසානයේ කලින් සූදානම් කර ගත් ට්‍රේ එකට සාදාගත් මිශ්‍රණය දමා විනාඩි 30 ක් නිවෙන්නට හැර කැබලි කපා ගන්න.