අවශ්‍ය ද්‍රව්‍ය
- මිල්ක් මේඩ් පොඩි ටින් 1
- හකුරු ග්රැම් 220
- කැබලි කර ගත් බටර් ග්රැම් 125
- දියර ග්ලූකෝස් මිලි ලීටර් 40
- ගෝල්ඩන් සිරප් මිලි ලීටර් 30
- කැබලි කර ගත් වයිට් චොක් ග්රැම් 180
සාදාගන්නා ආකාරය
සෘජුකෝණාස්‍ර හැඩයෙන් යුත් තැටියක තෙල් ආලේප කර ඒ මත බේකින් කොළයක් එළන්න. ගැඹුරු පතුලක් සහිත සාස්පානක් ගෙන මිල්ක් මේඩ්ල හකුරු, බටර්, ග්ලූකෝස් හා ගෝල්ඩන් සිරප් එක් කර මිශ්‍රණය ඝන වී දුඹුරු පැහැයට හැරෙන තෙක් මිනිත්තු 20 ක් පමණ මද ගින්නේ තබා හැඳි ගාන අතරතුර වයිට් චොක් එක් කර ගන්න. මිශ්‍රණය තැටියට වක්කර පැය 2-4 ක් ශීතකරණයේ තබන්න.