අවශ්‍ය ද්‍රව්‍ය
- පිසගත් බාස්මති සහල් ග්‍රෑම් 400
- චොප් කරගත් ලූනු ගෙඩි 1
- කපාගත් හතු අවශ්‍ය පමණට
- චොප් කරගත් සුදූ ලූනු බික් 3
- සෝයා සෝස් තේ හැඳි 2
- චිලි පේස්ට් තේ හැඳි 1
- තෙල් ස්වල්පයක්
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට ලූනු, සුදු ලූනු දමා තෙම්පරාදු කරගන්න. පසුව හතු, චිලි පේස්ට්, සොයා සෝස් සහ පිසගත් බත් එකතුකර කලවම් කරගන්න. අවසානයට ලුණු හා ගම්මිරිස් දමා කලවම් කරගන්න.