අවශ්‍ය ද්‍රව්‍ය
- බැදගත් ෆ්‍රෙන්ච් ෆ්රයිස් අවශ්‍ය පමණට
- බටර් මේස හැඳි 1
- සිහින්ව කපාගත් සුදු ලූනු බික් 2
- කපාගත් අමුමිරිස් කරල් 2
- නැවුම් එළකිරි කෝප්ප 1
- මිරිස් කුඩු තේ හැඳි 1/4
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- චීස් කෝප්ප 1 1/2
- සීනි තේ හැඳි 1
- පාන් පිටි මේස හැඳි 1 1/2
සාදාගන්නා ආකාරය
පාන් පිටිවලට වතුර ස්වල්පයක් එකතුකර දියාරු මිශ්‍රණයක් සාදාගන්න. රත් වූ පෑන් එකකට බටර් එකතුකර සුදු ලූනු, අමුමිරිස් එකතුකර හොඳින් බැදගන්න. එයට නැවුම් එළකිරි, මිරිස් කුඩු, ලුණු, ගම්මිරිස්, සීනි, චීස් දමා කලවම් කර එයට සාදාගත් පාන් පිටි මිශ්‍රණයෙන් ස්වල්පය බැඟින් එකතුකර උකු මිශ්‍රණයක් සාදාගන්න. බැදගත් ෆ්‍රෙන්ච් ෆ්රයිස් උඩින් ඉහත සාදාගත් මිශ්‍රණය දමාගන්න.
සූපවේදිනී චම්මි ඉමල්කා
Ingredients and methods are for a different dish.
Thank you for your feedback. We updated the content.