අවශ්‍ය ද්‍රව්‍ය
- හතු අවශ්‍ය පමණට
- බිත්තර 3
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- චීස් පෙති 1
- කොටු හැඩයට කපාගත් ලූනු ස්වල්පයක්
- බටර් මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
හතුවලට ලුණු එකතු කර කලවම් කර විනාඩි 10 ක් පමණ පසෙකින් තියන්න. පසුව හතුවල වතුර මිරිකා හැර සිහින් කොටු කපා ගන්න. බිත්තර බෝල් එකකට කඩා දමා ලුණු, ගම්මිරිස් එකතු කර හොඳින් ගසා ගන්න. රත්වූ පෑන් එකකට බටර් එකතුකර ලූනු සහ හතු එකතු කර වැඩි ගින්දරේ බැද ගන්න. බිත්තර එකතු කර හොඳින් කලවම් කර බිත්තර ටික පෑන් එක වටේ ඝන වෙද්දී හැන්දෙන් මැදට කරන්න. හොඳටම බිත්තර සෙට් වෙන්න කලින් චීස් පෙත්ත මැදින් තියා දෙකට නවාගන්න.
සූපවේදිනී – චම්මි ඉමල්කා