අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කෝප්ප 2
- රෝස්ට් කරගත් රුලං කෝප්ප 3/4
- සීනි කෝප්ප 1/2
- ටොපින් එකට
- කෝන්ෆ්ලා මේසහැඳි 1 1/2
- වතුර මේසහැඳි 5
- පැණි කෝප්ප 3/4
- රෝස්ට් කරගත් පොල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
කිරි කෝප්ප 2 ක ළිපේ තබා එයට රුලං හා සීනි ටික එකතුකරගන්න. අඩු ගින්දරේ ඝන වනතුරු හැඳිගාගෙන ළිපෙන් ඉවතට ගෙන ග්ලාස් ටේ්ර එකකට දාගන්න.කෝන්ෆ්ලා වලට වතුර දාමා දියකරගන්න. පැණි කැරමල් එකට වතුර මේසහැඳි 2 ක් එකතුකර එය කෝන්ෆ්ලා මිශ්‍රණයට දමා ඝන වනතුරු හැඳිගාගෙන ළිපෙන් ඉවත් කර පුඩින් එක මතට දමා හොඳින් තවරාගන්න. අවසානයේ රෝස්ට් කරගත් පොල් ඒ මතට දමා පැයක් පමණ ශීතකරණයේ තබා කිතුල් පැණි එකතු කර පිළිගන්වන්න.
සූපවේදිනී රිස්කා රාසික්
රෝයල් රෙලිශ් (පුද්) සමාගම