අවශ්‍ය ද්‍රව්‍ය
- අල අවශ්‍ය පමණට
- කැරට් පමණට
- ගෝවා පමණට
- බඩඉරිඟු ඇට ස්වල්පයක්
- ලූනු ගෙඩි 1
- පරිප්පු
- බටර් ස්වල්පයක්
- නැවුම් එළකිරි මේස හැඳි 2
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
එළවළු සියල්ල හොඳින් සෝදා කොටු හැඩයට කපාගන්න. භාජනයකට බටර් ස්වල්පයක් දමා එයට ලූනු, අර්තාපල්, කැරට්, බඩඉරිඟු සහ පරිප්පු දමා තෙම්පරාදු කරගන්න. එයට වතුර සවල්පයක් දමා එළවළු ටික තැම්බීගෙන එනකොට ගෝවා, එළකිරි, ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්න.