අවශ්‍ය ද්‍රව්‍ය
- ඔබ තම්බා ආහාරයට ගන්නට කැමති එළවළු වර්ග කීපයක්
- තෝර මාළු පෙති කීපයක්
ටැමරින්ඩ් සෝස් එක සඳහා
- තලාගත් ඉඟුරු තේ හැඳි 1/2
- තලාගත් සුදු ලූනු තේ හැඳි 1
- චොප් කරගත් අමු මිරිස් කරළක්
- චොප් කරගත් බෙල්පෙපර් මේස හැඳි 2
- සියඹලා යුෂ කෝප්ප 1/4
- රස අනුව ලුණු ගම්මිරිස්
- සීනි තේ හැඳි 2
ටැමරින්ඩ් සෝස් එක සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ භාජනකට ඉඟුරු, සුදු ලූනු සහ අමු මිරිස් දමා බැදගන්න. මද වේලාවකට පසුව චොප් කරගත් බෙල්පෙපර් එක්කර විනාඩි දෙකක් පමණ තෙම්පරාදු කරගන්න. සියඹලා යුෂ, සීනි, ලුණු සහ ගම්මිරිස් දමා මිශ්‍රණය උකු වූ පසු ළිපෙන් ඉවත් කරගන්න.
එළවළු ටික ලොකු කැබලි කපා ස්ටීම් කර ගම්මිරිස් කුඩු සහ ලුණු ඉසගන්න. තෝර මාළු පෙතිවලට ලුණු හා ගම්මිරිස් ස්වල්පයක් ඉස බැදගන්න. ඒ මතට සාදාගත් ටැමරින් සෝස් එක දමා ආහාරයට ගන්න.
