අවශ්‍ය ද්‍රව්‍ය
- අල ගෙඩි 2
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1
- සිහින්ව කපාගත් පාස්ලි ස්වල්පයක්
- සිහින්ව කපාගත් සැල්දිරි ස්වල්පයක්
- සිහින්ව කපාගත් ගර්කින් ගෙඩි 1/ 2
සෝස් එක සඳහා
- මයෝනේස් සෝස් මේස හැඳි 2
- යෝගට් කෝප්ප 1/ 2
- අබ පවුඩර් තේ හැඳි 1/ 4
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
අල තම්බාගෙන නිවෙන්නට හැර එයට ලූනු, පාස්ලි, සැල්දිරි සහ ගර්කින් සමඟ මිශ්‍ර කරගන්න.
සෝස් එක
සෝස් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල වෙනම භාජනයක දමා කලවම් කර ශීතකරණයේ පැයක් පමණ තබන්න. ඉන්පසු අල මිශ්‍රණය සමග එක් කොට ආහාරයට ගන්න.