අවශ්‍ය ද්‍රව්‍ය
- කුරක්කන් පිටි ග්‍රෑම් 150
- හාල් පිටි ග්‍රෑම් 100
- පොල් ග්‍රෑම් 200
- රස අනුව ලුණු
- වතුර ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
පොල්වලට වතුර සහ ලුණු එකතු කර හොඳින් කලවම් කර ගන්න. එයට පිටි දමා අතින් කලවම් කරමින් කැට සකස් කර ගන්න.
පිට්ටු බම්බුවේ තෙල් යාන්තමින් තවරන්න. මිශ්‍රණය තද නොකර පුරවා හොඳින් තම්බා ගන්න. සුවඳ ආ පසු තවත් විනාඩි 2-3 ක් තියා එළියට ගන්න.