අවශ්‍ය ද්‍රව්‍ය
- තෙල් තේ හැදි 2
- කොටු හැඩයට කපාගත් ලූණු ගෙඩි 2ක්
- කොටු හැඩයට කපාගත් හතු ස්වල්පයක්
- කොටු හැඩයට කපාගත් කුකුල් මස් ස්වල්පයක්
- කොටු හැඩයට කපාගත් බෙල් පෙපර් ස්වල්පයක්
- රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු
- ගසාගත් බිත්තර 3
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ භාජනයකට මස් ටික එකතු කර බැද ගන්න.ලූනු, හතු, බෙල් පෙපර් දමා කලවම් කර ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් බැද ගන්න. ගසාගත් බිත්තර එකතු කර හොඳින් කලවම් කර සම්පූර්ණයෙන් තෙත ගතිය හිදෙන්න පෙර 2 ට නවා අනිත් පැත්ත හරවා පිළිගන්වන්න.