අවශ්‍ය ද්‍රව්‍ය
- වතුර මි. ලී 300
- ලුණු තේ හැඳි 3/4
- තෙල් තේ හැඳි 1
- හාල් පිටි ග්‍රෑම් 250
- කැමති ෆිලින් එකක් සාදා ගන්න
සාදාගන්නා ආකාරය
භාජනයකට වතුර, ලුණු සහ තෙල් එකතු කර හොඳින් උණු කර ගන්න. ළිපේ ගින්දර අඩු කර හාල් පිටි එකතු කර හොදින් කලවම් කර ගන්න. අවශ්‍ය නම් උණු වතුර එකතු කර ගන්න.ළිප නිවා පියනකනින් වසා විනාඩි 5 ක් පමණ තියන්න.
අතින් හොදට ගුලි කර ගන්න. කොටස් 8 කට වෙන් කර බෝල සාදා එක කොටසක් ගෙන අත්ල මත තියා බොකුටු හැඩයට තුනී කර ගන්න. ෆිලින් එක මැදට තියා ඩම්ප්ලින් හැඩයට සීල් කර ගන්න. විනාඩි 20 ක් හොඳින් හුමාලයේ තම්බා ගන්න.