අවශ්‍ය ද්‍රව්‍ය
- කුරක්කන් කෝප්ප 1/2
- හාල් කෝප්ප 1/2
- උඳු ඇට කෝප්ප 1/2
- උළුහාල් තේ හැඳි 1/2
- හබල පෙති කෝප්ප 1/2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
හබල පෙති හැර අනෙක් සියල්ල හොඳින් සෝදා පැය 6-8 ක් පෙඟෙන්න හරින්න. හබල පෙති විනාඩි 10 ක් පමණ පොඟවා ගන්න. වතුර ඉවත් කර සියල්ල එකට කලවම් කර ග්‍රයින්ඩර් ජා එකට ස්වල්පය බැඟින් දමා ග්‍රයින්ඩ් කර ගන්න.
බෝල් එකකට මිශ්‍රණය එකතු කර අතින් විනාඩි 5 ක් පමණ කලවම් කර පැය 12 ක් පිපෙන්න හරින්න. ලුණු එකතු කර ගන්න. ඉඩ්ලි තැටිවල හොඳින් තෙල් තවරා මිශ්‍රණය ටික ටික එකතු කර ඉඩ්ලි සාදාගන්න.