අවශ්‍ය ද්‍රව්‍ය
- චිකන් ස්ටොක් මි. ලී 150
- පාන් පිටි ග්‍රෑම් 100
- කෝන් පිටි මේස හැඳි 1
- බිත්තර 1
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
- ලුණු කුඩු තේ හැඳි 1/2
- සිහින්ව කොටු කපාගත් ලූනු ගෙඩි 1/2
- කොටු හැඩයට කපාගත් කැරට් 1/4
- කොටු හැඩයට කපාගත් අමුමිරිස් 2
- කපාගත් ලූනු කොළ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
බෝල් එකකට චිකන් ස්ටොක්, පාන් පිටි, කෝන් පිටි, බිත්තරය, ගම්මිරිස් සහ ලුණු එකතු කර හොඳින් කලවම් කර කැට නැති බැටර් එකක් සකස් කර ගන්න. ඉතිරි සියල්ලම එකතු කර කලවම් කර විනාඩි 10 ක් පමණ වසා තබන්න.
තෙල් රත් වූ භාජනයකට සාදාගත් මිශ්‍රණය දමා තුනී කර පියනකින් වසා තබන්න. අනිත් පැත්ත හරවා ක්‍රිස්පි වෙන තුරු පිස ගන්න. උණුවෙන්ම කොටු හැඩයට කපා ගන්න.