අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩාවට කපාගත් අන්නාසි කෝප්ප 1
- විපින් ක්‍රීම් කෝප්ප 1
- පොල්කිරි 1 1/2
- ටින් කිරි කෝප්ප 1/2
- සීනි ග්‍රෑම් 50
- රෝස්ට් කරගත් පොල්
සාදාගන්නා ආකාරය
භාජනයක් ගෙන එයට විපින් ක්‍රීම් දමා හොඳින් හොදින් බීට් කර ගන්න. හොඳින් බීට් වූ විපින් ක්‍රීම්වලට පොල්කිරි එකතු කර නැවතත් හොඳින් බීට් කරගන්න. දැන් එයට ටින් කිරි එකතු කර නැවතත් හොඳින් බීට් කරගන්න. පසුව පෑන් එකකට චොප් කරගත් අන්නාසි සහ සීනි එකතු කර අන්නාසි ස්ටූ එක සකස් කරගන්න.
ඩෙසර්ට් කප් ගෙන කලින් සකස් කරගත් විපින් ක්‍රීම් මිශ්‍රණයෙන් ස්වල්පයක් එකතු කර ඉන්පසුව ඒ මතට කලින් සදාගත් අන්නාසි මිශ්‍රණය එකතු කර ගන්න. නැවත විපින් ක්‍රීම් මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා අවසාන තට්ටුව ලෙස රෝස්ට් කරගත් පොල් ඉසින්න.