අවශ්‍ය ද්‍රව්‍ය
- පෙති කපාගත් අන්නාසි
- පාන් පිටි කෝප්ප 1 1/2
- බේකින් පවුඩර් තේ හැඳි 3
- රස අනුව ලුණු
- සීනි මේස හැඳි 1
- නැවුම් එළකිරි කෝප්ප 1 1/4
- බිත්තර 2
- දිය කරගත් බටර් මේස හැඳි 3
- පෙති කපාගත් අන්නාසි
සාදාගන්නා ආකාරය
මුලින්ම වියළි ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කර එයට කිරි, බිත්තර සහ බටර් එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. නන්ස්ටික් පෑන් එකක් ළිප තබා එයට බටර් ස්වල්පයක් එකතු කර රත්වූ පසු සාදාගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් පෑන් එකට දමා උඩින් බුබුළු මතුවන විට ඒ මත අන්නාසි පෙත්තක් තබා උඩින් සීනි ස්වල්පයක් ඉස පෑන් කේක් එක අනික් පැත්ත හරවා ගන්න. රන්වන් පැහැ වනතුරු පිසගන්න.