අවශ්‍ය ද්‍රව්‍ය
- මාගරින් ග්‍රෑම් 125
- ඇට ඉවත්කර ගත් දූරියන් කෝප්ප 1 1/2
- සීනි ග්‍රෑම් 125
- බිත්තර 2
- වැනිලා තේ හැඳි 2
- පිටි ග්‍රෑම් 125
- බේකින් සෝඩා තේ හැඳි 1/2
සාදාගන්නා ආකාරය
භාජනයකට මාගරින් හා සීනි දමා හොඳින් මිශ්‍ර කර බිත්තර දමා නැවත වරක් හොඳින් කලවම් කරන්න. සාදාගත් මිශ්‍රණයට දූරියන් සහ වැනිලා එක්කර හොඳින් මිශ්‍ර කර පිටි හා බේකින් සෝඩා දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් එම කේක් මිශ්‍රණය භාජනයකට දමා සෙල්සියස් අංශක 150 ක උෂ්ණත්වය යටතේ විනාඩි 35 ත් 40 ත් අතර කාලයක් බේක් කරගන්න.