අවශ්‍ය ද්‍රව්‍ය
- දූරියන්
- පාන්පිටි ග්‍රෑම් 100
- හාල්පිටි ග්‍රෑම් 40
- බේකින් පවුඩර් තේ හැඳි 1/2
- ග්‍රයින්ඩ් කරගත් සීනි ග්‍රෑම් 40
- පොල්කිරි කෝප්ප 1
සාදාගන්නා ආකාරය
පිටි සහ බේකින් පවුඩර් හොඳින් මිශ්‍ර කර හලා ගන්න. එයට සීනි සහ පොල්කිරි දමා හොඳින් බීට් කර පැය බාගයක් පමණ වසා තබන්න. දූරියන් ටික බ්ලෙන්ඩ් කරගන්න.
මද ගින්දරේ පෑන් එකක් ළිප තබා එයට සාදාගත් බැටර් එක දමා බ්ලෙන්ඩ් කරගත් දූරියන් පියුරි එක මැදට දමා පෑන්කේක් එක දෙකට නවාගන්න. විනාඩි කීපයක් ළිප තබා ඉවත් කරගන්න.