අවශ්‍ය ද්‍රව්‍ය
- සාදාගත් එස්ප්‍රෙසෝ කෝපී
- පොල් කිරි මිලිලීටර් 160
- මී පැණි තේ හැඳි 2
සාදාගන්නා ආකාරය
සෝස්පෑන් එකකට පොල් කිරි දමා නටාගෙන එනවිට ගින්දර අඩුකර මිනිත්තු 20-25 ක් පමණ හැඳි ගාගන්න. පසුව මී පැණි එක්කර හොඳින් මිශ්‍ර කර ශීතකරණයේ තබන්න.
උස් වීදුරුවකට අයිස් කැට පුරවා, වීදුරුවේ අඟල් එකහමාරක් පමණ වන්නට සාදාගත් පොල්කිරි මිශ්‍රණය දමන්න. දැන් ඒ මතට එස්ප්‍රෙසෝ කෝපී දමාගන්න.