අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්පිටි කෝප්ප 1/2
- කඩල පිටි කෝප්ප 1/4
- පාන්පිටි කෝප්ප 1/2
- සූදුරු ස්වල්පයක්
- කෑළි මිරිස් ස්වල්පයක්
- රස අනුව ලුණු
- පොඟවාගත් කඩල පරිප්පු මේස හැඳි 1
- චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
- චොප්කරගත් සුදු ලූනු ස්වල්පයක්
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් ලූනු ගෙඩි 1
- තෙල් තේ හැඳි 5
සාදාගන්නා ආකාරය
අමුද්‍රව්‍ය සියල්ල භාජනයකට දමා හොඳින් කළවම් කර වතුර ස්වල්පය බැගින් දමා සොෆ්ට් ඩෝ එකක් සාදාගන්න. අතේ තෙල් ස්වල්පයක් තවරා මිශ්‍රණයෙන් බෝල සාදා පැතලි කර ගැඹුරු තෙලේ බැදගන්න.