අවශ්‍ය ද්‍රව්‍ය
- ගසාගත් බිත්තර 1
- කපාගත් කෙසෙල් ගෙඩි 1
- චොක්ලට් චිප්ස් ස්වල්පයක්
- චොක්ලට් පවුඩර් තේ හැඳි 2
- කිරි මේස හැඳි 2
- කපාගත් පාන් පෙති 2
සාදාගන්නා ආකාරය
බිත්තර, කිරි හා චොක්ලට් පවුඩර් එකතු කර ගසාගන්න. මයික්‍රොවේව් මග් එකක් අරගෙන කපාගත් පාන් කෑලිවලින් ස්වල්පයක් දමා කෙසෙල් ස්වල්පයක්ද දමාගන්න. ඊළඟට චොක්ලට් චිප්ස් එකතු කරලා නැවත පාන් හා කෙසෙල් දාගන්න. උඩින් තව චොක්ලට් චිප්ස් ටිකක් දාලා ගසාගත් බිත්තරය උඩින් එකතු කර විනාඩි 1 1/2 ක් මයික්‍රොවේව් කරගන්න.