අවශ්‍ය ද්‍රව්‍ය
- දික් අතට කපාගත් මොසරැල්ලා චීස් ස්වල්පයක්
- පේස්ට්‍රි ශීට් එකක්
- බැදීමට තෙල්
සාදාගන්නා ආකාරය
පේස්ට්‍රි ශීට් එක පැකට් එකේ සඳහන් විදියට තුනී කරගන්න. ඒක මොසරැල්ලා ස්ටික් එකට වඩා පළලට තීරු කපාගන්න. පේස්ට්‍රි ශීට් තීරු අරන් මොසරැල්ලා ස්ටික් එකක් අයිනෙන් තියලා දෙපැත්ත නවලා රෝල් කරගන්න. පසුව රත්වුණු තෙල් රන්වන්පාට වෙනකල් බැදගන්න.