අවශ්‍ය ද්‍රව්‍ය
- මුදවපු කිරි කෝප්ප 1
- පාන්පිටි කෝප්ප 1
- හාල්පිටි කෝප්ප 1/2
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- චොප්කරගත් ඉඟුරු ස්වල්පයක්
- සූදුරු ස්වල්පයක්
- රස අනුව ලුණු
- බේකින් සෝඩා තේ හැඳි 1/2
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
ඉහත අමුද්‍රව්‍ය සියල්ලම භාජනයකට දමා හොඳින් කලවම් කර ඩෝ එකක් සාදාගන්න. පැය කාලක් පමණ සාදාගත් ඩෝ එක පිපෙන්න හරින්න. පසුව ඩෝ එකෙන් ස්වල්පය බැඟින් අරන් තෙලට දමා රන්වන්පාට වෙනකල් බැදගන්න.