අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් මාළු මිරිස් ග්‍රෑම් 250
- කපාගත් කුකුල්මස් ග්‍රෑම් 200
- සිහින්ව කපාගත් ලොකු ලූනු ගෙඩි 1
- සිහින්ව කපාගත් තක්කාලි ගෙඩි 2
- අමුමිරිස් කරල් 2
- රම්ප කරපිංචා
- ඉඟුරු සුදු ලූනු පේස්ට් තේ හැඳි 2
- අඟලක පමණ කුරුඳු කැබැල්ලක්
- තලාගත් එනසාල් 3
- තලාගත් කරාබුනැටි 3
- සුදූරු තේ හැඳි 1
- මිරිස්කුඩු මේස හැඳි 1
- ගම්මිරිස්කුඩු මේස හැඳි 1
- බැදපු මිරිස්කුඩු තේ හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1/4
- මිරිකිරි අඬුකෝප්ප 1
- පොල්තෙල් මේස හැඳි 2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ භාජනයකට ඉඟුරු සුදුලූනු පේස්ට්, තලාගත් එනසාල්, කරාබුනැටි, කුරුඳු, කපාගත් ලූනු සහ අමුමිරිස් එකතුකර හොඳින් තෙම්පරාදුකරගන්න. එයටම කහ කුඩු, මිරිස් කුඩු, බැදපු මිරිස්කුඩු, ගම්මිරිස්කුඩු එකතුකර අඩු ගින්දරේ හොඳින් තෙලේ බැදෙන්න දෙන්න.
ඊලඟට එයට කපාගත් කුකුල්මස්, තක්කාලි සහ ලුනු එකතුකර විනාඩියක් පමණ හොඳින් කලවම් කරගන්න. දැන් එයට කපාගත් මාළු මිරිස් එකතුකර හොඳින් කලවම් කර පියනකින් වසා අඩු ගින්දරේ විනාඩි දහයක් පමණ පිසගන්න. පසුව මිටිකිරි එකතුකර ළිපේ ගින්දර වැඩිකර හොඳින් කලවම් කරමින් පිසගන්න.