අවශ්‍ය ද්‍රව්‍ය
- මාළු මිරිස් ග්‍රෑම් 250
- තම්බා දෙකට කපාගත් බිත්තර 4
- සිහින්ව කපාගත් ලූනූ ගෙඩි 2
- කපාගත් තක්කාලි ගෙඩි 1
- කෑළි මිරිස් මේස හැඳි 1
- කහා කුඩු තේ හැඳි 1/4
- අබ තේ හැඳි 1/4
- රස අනුව ලුණු
- පොල්තෙල් මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
මාළු මිරිස් කරල් වෙන් නොවන ලෙස කපාගන්න. තෙල් රත්වූ භාජනයකට අබ එකතුකර පුපුරනවිට එයට මාළු මිරිස් එකතුකර හොඳින් බැදගන්න.පසුව එයට ලූන, තක්කාලි, රම්ප, කරපිංචා සහ ලුණු දමා හොඳින් කලවම් කරගන්න.
පසුව ඊලඟට කහ කුඩු සහ කෑළි මිරිස් දමා හොඳින් කලවම් කර ලූනු මැලවීගෙන එනවිට එයට තබ්බා කපාගත් බිත්තර එකතුකර හොඳින් බිත්තර නොකැඩෙන සේ කලවම් කරගන්න. විනාඩි පහකින් පමණ ළිපෙන් ඉවත් කරගන්න.