අවශ්‍ය ද්‍රව්‍ය
- ඉදුණු අලිගැටපේර ගෙඩි 1
- තක්කාලි ගෙඩි 1
- ලූනු ගෙඩි 1
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- අමු මිරිස් කරල් 2
- රස අනුව ලුණු
- දෙහි යුෂ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
තක්කාලි, ලූනු, කොත්තමල්ලි කොළ සහ අමු මිරිස් සිහින්ව කපාගන්න. එයට දෙහි සහ ලුණු එකතු කර කලවම් කරගන්න. ගෑරුප්පුවකින් අලිගැටපේර ගෙඩිය කැබලි සිටින සේ පොඩි කරගන්න. මිශ්‍රණ දෙකම ගෑරුප්පුවකින් කලවම් කරගන්න.