අවශ්‍ය ද්‍රව්‍ය
- චොප් කරගත් රතු ලූනු ගෙඩි 1
- චොප් කරගත් සුදු ලූනු ගෙඩි 1
- පොඩියට කපාගත් ලීක්ස් ස්වල්පයක්
- ඔලිව් තෙල් මේස හැඳි 2
- වියළි Thyme ස්වල්පයක්
- අල ගෙඩි 2
- චිකන් ස්ටොක් ස්වල්පයක්
- රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු
- ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1
- පාන් පෙති කිහිපයක්
සාදාගන්නා ආකාරය
පෑන් එකක් ළිප තබා එයට ඔලිව් තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු චොප් කරගත් රතු ලූනු හා පොඩියට කපාගත් ලීක්ස් ටික දමා හොඳින් කලවම් කරගන්න. දැන් චොප් කරගත් සුදු ලූනු සහ Thyme දාලා විනාඩි 15 ක් පමණ පිසගන්න.
ඊළඟට අල ගෙඩි පොඩියට කපාගෙන එක් කර චිකන් ස්ටොක් සහ ෆ්‍රෙශ් ක්‍රීම් දමා කලවම් කරගන්න. ලුණු හා ගම්මිරිස්කුඩු දමා හොඳින් කලවම් කරගන්න. විනාඩි 25 ක් විතර පිසගෙ මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගන්න. දැන් පාන් පෙති ටික පොඩියට කපා තෙල් රත්වූ පෑන් එකකට දමා දෙපැත්ත ෆ්‍රයි කරගන්න. ඒ අතරතුර පාස්ලි කොළ සිහින්ව කපා සුප් එකට දමා කලවම් කරගන්න.
