අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි කෝප්ප 3
- රස අනුව ලුණු
- බේකින් පවුඩර් තේ හැඳි 3/4
- තෙල් මේස හැඳි 4
- වතුර කෝප්ප 1
- සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- චීස් කැබලි 4
- බටර් මේස හැඳි 4
- චොප් කරගත් සුදු ලූනු හා රතු ලූනු
- කෑළි මිරිස්
සාදාගන්නා ආකාරය
පිටි, ලුණු කුඩු, බේකින් පවුඩර්, තෙල් සහ වතුර දමා ඩෝ එක අනාගන්න.භාජනයක් අරගෙන තෙල් ස්වල්පයක් තවරා ඩෝ එක දමා පැය 2 ක් පමණ වසා තබන්න. පසුව ඩෝ එකෙන් සමාන බෝල සාදා ඒවා හොඳින් තුනී කර ගන්න.
ඊළඟට චීස්, බටර්, චොප් කරගත් සුදු ලූනූ හා රතු ලූනු, කෑළි මිරිස්, කොත්තමල්ලි කොළ මිශ්‍ර කරගන්න. කලින් තුනී කරගත් පිටි මිශ්‍රණයේ මෙය තවරා තීරු කපන්න. කපාගත්ත තීරු ටික එක කෙලවරකින් එකතු කර දඟරයක් වගේ රවුම් කරගන්න. මේ රවුම හොඳට තුනී කරගෙන රත් වෙච්ච තැටියක දමා දෙපැත්ත පුළුස්සා ගන්න.