අවශ්‍ය ද්‍රව්‍ය
- යීස්ට් තේ හැඳි 1
- සීනි මේස හැඳි 2
- චොප් කරගත් සුදු ලූනු මේස හැඳි 2
- සුදු ලූනු පවුඩර් ස්වල්පයක්
- ඔරිගානෝ මේස හැඳි 1
- ඔලිව් තෙල් මේස හැඳි 2
- පාන්පිටි ග්‍රෑම් 250
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- කෝන්ෆ්ලා ස්වල්පයක්
- බටර් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
මද උණුසුම් වතුරට යීස්ට් හා සීනි දමා විනාඩි 5 ක් පමණ තියන්න. පසුව වෙනත් භාජනයකට චොප් කරගත් සුදු ලූනු මේස හැන්දක්, ඔරිගානෝ, ඔලිව් ඔයිල්, ලුණු කුඩු හා පාන්පිටි දමා කලවම් කර එයටම යීස්ට් මිශ්‍රණට දමාගන්න.
අතේ නොඇලෙන ඩෝ එකක් සාදා පැය 5 ක් පමණ මේ ඩෝ එක වසා පිපෙන් හරින්න. පසුව ඩෝ එක පොඩ්ඩක් අතින් තද කර පැතලි කරගන්න. ට්‍රේ එකකට පාන්පිටි ඉස ඩෝ එක තබාගන්න.
වෙනත් භාජනයකට දිය කරගත් බටර්, ඉතිරි සුදු ලූනු, සුදු ලූනු පවුඩර් හා ගම්මිරිස් කුඩු දමා කලවම් කර එක පින්සලක් ආධාරයෙන් ඩෝ එකේ තවරා ඩෝ එක දෙකට නමා බන් එකක් හැඩයට සාදාගන්න.
මතුපිට පිහියෙන් ඉරි ඇඳ ඩෝ එකේ උඩටත් බටර් ස්වල්පයක් තවරා සෙල්සියස් අංශක 180 උෂ්ණත්වය යටතේ ප්‍රීහීට් කරගත් අවන් එකක විනාඩි 20-25 ක් බේක් කරගන්න.