අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කඩල ග්‍රෑම් 30
- ටෝස් කරගත් පාන්
- චොප් කරගත් රතු බේල් පේපර් ගෙඩි 1/2
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- තක්කාලි ගෙඩි 1
- අබ ක්‍රීම් තේ හැඳි 1/8
- සලාද කොළ
- මයෝනයිස් තේ හැඳි 1 1/2
- චොප් කරගත් ලූනු කොළ සහ කැරට් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
බෝල් එකකට කඩල ටික දමා හොඳින් පොඩි කරගන්න. දැන් එයට ලූනු කොළ, කැරට්, බේල් පේපර්, ලුණු, ගම්මිරිස් සහ මයෝනයිස් දමා කවලම් කරගන්න.
පාන් පෙත්තක් අරගෙන මුලින්ම කඩල මිශ්‍රණය තවරා පසුව සලාද කොළයක් අවසානයට තක්කාලි පෙති ටිකක් තබා පාන් පෙත්තකින් වසන්න.