ආහාර ජීරණ ක්‍රියාවලියේ එක් අදියරක් ලෙස සැලකෙන මළපහ කිරීම සඳහා අපේ ශරීරයේ ජීව විද්‍යාත්මක සූදානමක් අවශ්‍ය වෙනවා. මළපහ කරන අවස්ථාවේදී ගුදය සංකෝචනය වෙනවා. ගුද මාර්ගය ලිහිල් කිරීම සහ සංකෝචනය මඟින් මේ ක්‍රියාවලිය අපට අවශ්‍ය විදිහට පාලනය කිරීමට හැකියාවක් තිබෙනවා. මළපහ අවසාන වීමත් සමග එය හිස් වෙන බව අපට දැනෙනවා. නමුත් සාමාන්‍ය වේලාවට ගුද මාර්ගය වැසී තිබෙනවා. අපට වාතය පිටකිරීමට අවශ්‍ය වුණාම ගුද මාර්ගය විවෘත වෙනවා නමුත් අසූචි පිට වෙන්නේ නැහැ. ඒ වගේම අපට අවශ්‍ය නම් පේශි තද කර ගැනීමෙන් එය පාලනය කර ගැනීමටත් පුළුවන්.
අර්ශස් එහෙම නැත්නම් Anal Cushion ගුද මාර්ගයේ පහළ කෙළවර රුධිරනාල බහුලව පවතිනවා. ප්‍රධාන වශයෙන් තුන් පොලක විශේෂ නෙරීම් තුනක් පිහිටා තිබෙනවා. මේවා (Anal Cushion) යනුවෙන් හැඳින්වෙනවා. මෙම කුෂන් අභ්‍යන්තරයේ පීඩනය වැඩි වුණාම එහි බිත්ති දුර්වල වී ශිරා විශාල වෙනවා. මේ අන්දමින් විශාල වුණ කුෂන්වලට අපි “ අර්ශස් ” යැයි ව්‍යවහාර කරනවා. ඒ විතරක් නොවෙයි, මේ කුෂන් විශාල වුණාම අපි මළපහ කිරීමේදී තටමන විට ඒවා ගුද මාර්ගයෙන් පිටතට එනවා.
■ මුලදී මේ අර්ශස් ගෙඩි ගුද මාර්ගය තුළ පවතිනවා
■ කල් ගතවන විට අර්ශස් ගෙඩි පිටතට පැමිණෙන අතර ඒවා අතින් ඇතුළු කිරීමට සිදු වෙනවා
■ කාලයත් සමග මේවා මළපහ කරන විට පිටතට ආවත් ඒවා ඇතුළට දැමීමට බැරි තත්ත්වයක් ඇති වෙනවා
ඉහත දක්වන ලද සෑම අවස්ථාවකදීම රෝගියාගේ මළපහ සමග ලේ පිටවෙන්න පුළුවන්. මළ මාර්ගයේ ඉහළ කොටස තුවාල වීම නිසා වේදනාවක් නැහැ. නමුත් ශිරා විශාල වීම නිසා පුපුරා ලේ ගලන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන්හිදී රුධිරය බිංදු බිංදු වශයෙන් පිට වෙනවා.
● අර්ශස් හැදෙන්න වයස සීමාවක් තිබෙනවාද ?
අර්ශස් රෝගය සඳහා වයසේ බලපෑමක් නැහැ. සාමාන්‍යයෙන් අර්ශස් රෝගය බහුලව දකින්නේ වැඩිහිටි සහ මහළු වයසේ අයට වුණත් තරුණ වයසේ අයටත් අර්ශස් රෝගය ඇති වෙන්න පුළුවන්.
● මළ මාර්ගයේ බිත්ති පහත් වීමක්…
මළ මාර්ගයේ බිත්ති පහත් වීම වෛද්‍ය විද්‍යාවේදී අපි “Rectal Prolapse” යනුවෙන් හැඳින්වෙනවා. මෙහිදී අර්ශස් ගෙඩි වගේ පිටතට එන්නේ නැහැ. මළපහ කිරීමට වාඩි වුණාම පිටතට ඇවිත් මළපහ කිරීම අවසාන වුණාම නැවත ඇතුළු වෙනවා. මෙම රෝගය සඳහා වයසේ බලපෑමක් නැහැ.
● රෝග තත්ත්වයන්ගේ වෙනස …
සාමාන්‍යයෙන් අර්ශස් ගෙඩි තද රතු පාටයි. සරලව කිව්වොත් ලොවි ගෙඩි වගෙයි. නමුත් “Rectal Prolapse”ලා රෝස පැහැයෙන් දකින්න පුළුවන්. මේ තත්ත්වය හඳුනා ගැනීමට අපි රෝගීන්ට උපදෙස් දෙනවා. එය ඉතාම සරලයි. සාමාන්‍යයෙන් මළපහ කිරීමට වාඩි වෙන Scoting හෙවත් කෙලින් කටින් කියන ඉරියව්වේ ඉඳගෙන ඡායාරූපයක් ලබා ගන්න. එවිට වෛද්‍යවරයාට “Rectal Prolapse” ගැන නිගමනයක් ලබා ගැනීමට පුළුවන්.
● අර්ශස් ගෙඩි නිසා ඇති වෙන සංකුලතාවන්…
■ අර්ශස් ගෙඩි නිසා රුධිර වහනය වීම නිසා රක්ත හීනතාව ඇති වීම
■ අර්ශස් ගෙඩි පිටතටඳ පැමිණීම නිසා ගුද මාර්ගය තුවාල වීම
■ අර්ශස් ගෙඩි පිටතට ඇවිත් හිරවීම නිසා රෝගියා තවත් අපහසුතාවට පත්වීම අර්ශස් නිසා ඇති වෙන අපහසුතාව නිසා ජීවිතයේ ගුණාත්මක බව පවත්වා ගැනීම අපහසුයි
● අර්ශස් රෝගය හැදෙන්නේ ඇයි ?
සමහර පුද්ගලයන් වැසිකිළි ගිය විට බොහෝ වේලාවක් වාඩි වී සිටීමට පුරුදුව සිටිනවා. තව දුරටත් අසුචි පිටවීමට තිබෙන බව ඔවුන් සිතනවා. එසේ සිටින විට අර්ශස් ගෙඩි ඇවිත් ගුද මාර්ගයේ හිරවෙනවා. ඒ නිසා මළපහ කිරීමෙන් පසුව අනවශ්‍ය විදිහට රැඳීම අවශ්‍ය නැහැ. කොටින්ම කිවවොත් වැසිකිලි යෑමට විනාඩියක දෙකක කාලයක් ඇති.
■ මළබද්ධය
ආහාර ජීර්ණයේ ක්‍රියාවලියට තන්තු ආහර අවශ්‍ය වෙනවා. නමුත් අද බොහෝ විට තන්තු ආහාර ගැන දක්වන උනන්දුව අඩුයි. කුඩා දරුවන්ට වුණත් දෙමව්පියන් බාල කාලයේ පටන්ම දරුවන් තුළ මළබද්ධය ඇති වෙනවා.
■ ආතතිය
අපි සාමාන්‍යයෙන් කියනවා අර්ශස් තියෙන අයට තරහ යනවා කියලා. නමුත් ඇත්ත එය නොවෙයි. අපේ නිරෝගිතාවට කායික වගේම මානසික සෞඛ්‍යත් වැදගත්. මානසික පීඩනය බොහෝ රෝගාබාධයන්ට හේතුවක්. ඒ නිසා මානසික සැහැල්ලුවක් නැති විමත් අර්ශස් රෝගයට හේතුවක්.
● හඳුනා ගැනීමට පරීක්ෂණ…
අර්ශස් රෝගය හඳුනාගැනීම ඉතාම පහසුයි. නමුත් වැඩිහිටි වයසේ රෝගීන්ගේ රුධිර වහනයක් සිදුවනවා නම් ඒ ගැන තහවුරුවක් ලබා ගැනීමට Colonoscopy පරීක්ෂණයක් සිදු කරනවා. අවම වශයෙන් මහ බඩවැලේ වම් පැත්ත හෝ බලා ගැනීම අවශ්‍යයි. එවිට රුධිර වහනය සිදුවන්නේ අර්ශස් ගෙඩි නිසාද එසේත් නැත්නම් වෙනත් රෝග තත්ත්වයක් නිසාදැයි තහවුරුව ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.මේ පරීක්ෂණය එතරම් අපහසු නැහැ. මළ මාර්ගය පිරිසිදු කිරීමට වස්ති ලබා දීමෙන් පසුව ඇතුළු කරන සියුම් කැමරාවකින් මළ මාර්ගය සහ ඒ ආශ්‍රිත අවයවයන් ගැන පරීක්ෂා කර ගනීමට හැකියාවක් ලැබෙනවා.
● ප්‍රතිකාර මොනවාද ?
අර්ශස් රෝගින්ට අපි විවිධ ක්‍රමයට ප්‍රතිකාර ලබා දෙනවා. මුල් අවස්ථාවේදී ශල්‍යකර්ම අත්‍යවශ්‍ය නැහැ. ආහාර රටාව සහ වැසිකිළි පුරුදු ගැනත් ඔවුන් දැනුවත් කරනවා. ඒ වගේම අර්ශස් ගෙඩි සඳහා ලබා දෙන ඖෂධ නික්ෂේපණ ( Injection ) මඟින් මේ ගෙඩි අකර්මන්‍ය කිරීමට පුළුවන්. මෙහිදී ගුද මාර්ගයේ ඉහළ ප්‍රදේශයට එන්නත් ලබා දීම නිසා රෝගියාට වේදනාවක් නැහැ.
● Band දැමීම
අර්ශස් ගෙඩියේ ගෙල ප්‍රදේශය කුඩා තොන්ඩුවක් මගින් සිර කරනවා. කාලයත් සමග අර්ශස් ගෙඩිය වැටෙනවා. මෙතැනදී අර්ශස් ගෙඩිය වැටුණාම එතැනින් රුධිර වහනයක් සිදු වෙන්න පුළුවන්.
● ශල්‍යකර්ම
අර්ශස් රෝග තත්ත්වය වෙනුවෙන් සිදු කරන ශල්‍ය කර්ම 100% ක් ම සාර්ථකයි. ශල්‍යකර්මයෙන් පසු ඖෂධ අවශ්‍ය නැහැ. දින දෙක තුනක් වේදනාව තිබෙනවා. වැසිකිළි යෑමේ අපහසුතාවත් දින කීපයක් තිබෙනවා. ඒවා ඉබේම මඟ හැරී යනවා. තරුණ අයට නම් ශල්‍යකර්මවලින් පසුව වට තිබෙන මාංශ පේශි ඉහිල් වීමක් සිදු වෙන්නේ නැහැ.
නමුත් වයස්ගත අයට වයසත් සමග මාංශ පේශි ඉහිල් වීම සිදු වෙනවා. එවැනි අයට ඉතාම කලාතුරකින් වැසිකිළි යැමේ අවශ්‍යතාවන් ඇති වුණොත් ඒවා පාලනය කර ගැනීමේ අපසුතාවන් ඇති වෙන්න පුළුවන්. මෙම තුවාල සඳහා මද උණුසුම් වතුරට ලුණු කැට යොදා සාන්ද්‍රණය කර ගත් ජලයේ විනාඩි 20 ක් පමණ වේලාවක් වාඩි වී සිටීම ප්‍රතිකාරයක්. මෙය දිනකට දෙවතාවක් පමණ කිරීම සුදුසුයි.
● අර්ශස් ගෙඩි කීපයක් තිබුණොත් ?
අපි අර්ශස් ගෙඩි ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් Anal කුෂන් තුනක් ගැන කතා කළා. සමහර රෝගීන්ගේ ඉහත කුෂන් තුනට අමතරව මැදින් තවත් අර්ශස් ගෙඩි තිබෙනවා. ශල්‍යකර්මයකදී මේ ගෙඩි සියල්ල ඉවත් කරන්නේ නැහැ.ඒ නිසා අර්ශස් රෝග තත්ත්වයකදී ආහාර පුරුදු ගැන වැඩි අවධානයක් යොමු කරන අතරම රෝග තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඔබේ ජීවිතයේ ගුණාත්මක බව පවත්වා ගැනීමට හැකියාවක් තිබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා