නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ක්‍රීඩාවේදී සිදුවන Stress Fracture
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
සුව පියස

ක්‍රීඩාවේදී සිදුවන Stress Fracture

Published July 10, 2023

ක්‍රිඩාවක නිරත වන ක්‍රිඩකයන් නිතර නිතර විවිධ ආබාධයන්ට පත්වනවා. සාමාන්‍යයෙන් අපි ක්‍රිඩාවක් සජිවි ලෙසින් නරඹන විට පවා ඔවුන්ට සිදුවන විවිධ ආබාධ ගැන දකින්න ලැබෙනවා. ඒ වගේ ආබාධ අතරින් නිතරම දක්නට ලැබෙන Stress Fracture පිළිබඳව සාකච්චා කිරීම වැදගත්. Stress Fracture ගැන සඳහන් කළොත් අස්ථියක බිඳීමක් ගැන සඳහන් කරන විට අපේ සිතට ඇතිවන්නේ අනතුරක් පිළිබඳ සංඥාවක්. ඒ වගේම Stress වචනය දුටු හෝ ඇසූ සැනින් ඒ හා සම්බන්ධව තිබෙන ආතතිමය ස්වභාවය ගැන ඔබටත් යම් හැඟීමක් තිබෙනවා. දැන් ඔබ සිතන අන්දමට අස්ථියක් මත ආතතියක් ඇතිවීම යැයි වූ දල අදහසක් සිතට ඇතිවේවි. නමුත් ඔබ සම්පූර්ණයෙන්ම නිවරැදි නැහැ. ක්‍රීඩකයකුගේ පමණක් නොව ඕනෑම සාමාන්‍ය පුද්ගලයකුගේ වුණත් අස්ථියක් මතට කාලයක් පුරා නැවත නැවත ආතතිමය තත්ත්වයක් ඇති වූ විට ඒ ආතතිය දරා ගැනීමට නොහැකියි. අස්ථිය මත කුඩා පිපුරුමක් ඇතිවුණොත් ඒ තත්ත්වය අපි Stress Fracture යනුවෙන් හඳුන්වනවා.අපේ අස්ථිවල බර පාද මත රැඳෙන නිසාම බොහෝ විට පාද ආශ්‍රිතව අස්ථි පිපුරුමක් ඇතිවන්න පුළුවන්.

මේ විදිහට Stress Fracture ඇති වෙන්නේ ඇයි?

ඕනෑම රෝගයක් වෙනුවෙන් නිධාන කතාවක් තිබෙනවා. ඒ වගේම Stress Fracture ඇතිවීමටත් යම් යම් හේතු සාධක බලපානවා. අස්ථියකට දරාගත හැකි මටට්මක් තිබෙනවා. ඒ මට්ට්ම ඉක්මවා යම් බලයක් ඇති වුණොත් අස්ථිය පිපිරෙන්න හෝ බිඳෙන්න පුළුවන්. නමුත් මේ අන්දමේ අස්ථි පිපුරුමකදී එක්වර දරාගත නොහැකි බරක් එල්ල වන්නේ නැහැ. ඒ වුණත් දරාගත හැකි මට්ටමේ බරක් ( Submaximal Loading ) වුණත් නැවත නැවත අස්ථිය මත බරක් දැරීම නිසා අස්ථියට යම් හානියක් සිදුවනවා.

එසේ වෙන්නේ ඇයි?

දැන් ඔබට යම් බියක් ඇති. සමහර විට මගෙත් මේ අන්දමින් යම් අස්ථි පිපුරුමක් වුණොත් කියන සාධාරණ සැකයත් ඇති.ඒ නිසා මේ තත්ත්වය ඇතිවීමට බලපාන හේතුගැනත් දැනුවත් වීම වැදගත්.

අස්ථි ඝණත්වය අඩුවීම

මාංශ පේශිවල දුර්වලතාව

කැල්සියම් මට්ටම අඩුවීම

බර දරා ගැනීමේ ව්‍යායාම අඩුවීම

කාන්තාවක් නම් ඔසප් චක්‍රයේ අක්‍රමිකතාවන් පුරුෂයෙකුගේ නම් ටෙස්ටොස්ටරොන් හෝර්මෝන මට්ටමේ ඌනතාවන් – විශේෂයෙන් දිගු වේලාවක් සිටගෙන සිටින වෘත්තීන් හි යෙදී සිටින, වෘත්තින්හි යෙදෙන කාන්තාවන්ට මේ අවදානම තිබෙනවා.

මෙවැනි Stress Fracture තත්ත්වයක් ඇති වුණොත් ඒ ගැන දැන ගැනීම හෙවත් රෝග ලක්ෂණ

අස්ථියකට දරාගත නොහැකි ආතතිය නිසා ඇතිවන පිපුරුම සමග ඒ ස්ථානයේ වේදනාව ඇතවනවා. විවේකීව සිටින විට අපහසුතාවක් නොමැති වුණත් ඒ පාදයමත බරක් ඇතිවුණ විට වේදනාව ඇතිවනවා. නමුත් ඔවුන්ට මෑතකදී යම් කිසි අන්දමකින් මෙම ස්ථානයට ආපදාවක් වුණ බවටත් දැනුවත්වීමක් නැහැ. සමහර විට ඔබේ ව්‍යායාම සැසිය හෝ උපකරණ වෙනස් කළ විට වේදනාව දැනෙන්න පුළුවන්. ඒ වගේම දිගින් දිගටම ව්‍යායාම කරන විටත් වේදනාවක් දැනේවි. අදාළ ස්ථානයේ ඉදිමුමක් හෝ රතුවීමක් දක්නට ලැබෙන අතරම අදාළ ස්ථානය අල්ලන විට හෝ තද කරන විටත් වේදනාව දැනේවි. නමුත් සෑමවිටම මේ ලක්ෂණ දකින්න ලැබෙන්නෙත් නැහැ.

Stress Fracture හඳුනාගන්නේ කොහොමද?

අපට පාදයේ යම් අපහසුතාවක් ඇතිවුණාම විවිධ ප්‍රතිකාර කරනවා. එයිනුත් සුවයක් නොලද විට වෛද්‍ය උපදෙස් වෙත යොමුවනවා. එවැනි අවස්ථාවකදී වෛද්‍යවරයා විසින් රෝග තත්ත්වය හඳුනාගැනීම සඳහා පරීක්ෂණ ලබාගැනීම සිදු කරනවා. Stress Fracture වැනි තත්ත්වයක් ඇතිවුණාම අපට ඒ ගැන තහවුරුවක් ලබා ගැනීමට නම් පරීක්ෂණ අවශ්‍යයි. මුල් සති 2 – 4 ක් වැනි කාලයේදී සාමාන්‍ය එක්ස්රේ පරීක්ෂණයකින් මේ තත්ත්වය ගැන දැන ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා මුල්ම පරීක්ෂණයේ සාමාන්‍ය එක්ස්රේ ඡායාරූපයක් ප්‍රමාණවත් වෙනවා. ඊට අමතරව විකිරණශීලී අස්ථි ස්කෑන් පරීක්ෂාවක් ( Techinetium– 99 m ) මගින් මේතත්ත්වය හඳුනාගැනීමටත් හැකියාව තිබෙනවා. ඒ වෙනුවෙන් පැය 72 ක කාලයක් අවශ්‍යයි. මීට අමතරව ඵඍෂ ස්කෑන් පරීක්ෂාවක් මගින් Stress Fracture රෝග තත්ත්වය තහවුරු ලෙසින් හඳුනාගැනීමේ වැඩි හැකියාවක් තිබෙනවා.

පරීක්ෂණ මගින් Stress Fracture හඳුනාගැනීමෙන් පසුව ලබාදෙන ප්‍රතිකාර මොනවාද?

මේ සඳහා ශල්‍යකර්ම නොවන ප්‍රතිකාර තිබෙනවා. ( Non Oparetive treatment ) මේ අවස්ථාවේදී මෙතෙක් අනුගමනය කළ ක්‍රියාකාරකම් තාවකාලික ලෙසින් නවතා විවේකීව සිටීමට උපදෙස් ලබාදෙනවා. උදාහරණයක් ලෙසින් සඳහන් කළොත් ක්‍රිඩකයෙක් නම් සති 4 ක් 6 ක් වැනි කෙටි කාලයක් විවේක ලබා නැවත සාමාන්‍ය පරිදි ක්‍රිඩා කටයුතු හෝ වෙනත් ක්‍රියාකාරකම්වල නිරත වීමට අවස්ථාව ලබාදෙනවා.

සමහර විට රෝගියාට ඇවිදින විට වේදනාවක් දැනෙන තත්ත්වයක් තිබෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී කුඩා ප්ලාස්ටර් වෙළුමක් ( Short leg cast ) යොදා ඇවිදීම හෝ ඒ වෙනුවෙන් කිහිලිකරු භාවිත කිරීමට උපදෙස් ලබාදෙනවා. භෞත චිකිත්සක හා පුනරුත්ථාපන ප්‍රතිකාර Stress Fracture රෝග තත්ත්වයකදී භෞත චිකිත්සක ප්‍රතිකාර ඉතා වැදගත්. මෙම ප්‍රතිකාර මගින් වෙහෙසට පත් ස්ථානය වෙනුවෙන් විශේෂිත ව්‍යායාම ලබාදෙනවා. ඒ අනුව අදාළ මාංශපේශී හා අස්ථි ශක්තිමත් වීම සිදුවනවා.

Stress Fracture තත්ත්වය තබාගෙන දිගින් දිගට වෙහෙස වුණොත්?

මේ විදිහට ඔබට Stress Fracture තත්ත්වයක් ඇත්නම් තව දුරටත් වෙහෙසීම සුදුසු නැහැ. නමුත් අපි බොහෝ දෙනෙක් එවැනි තත්ත්වයක් තිබුනොත් ඒ ගැන නොසලකා දිගින් දිගටම වේදනාව තිබියදී පවා සුපුරුදු ක්‍රියාකාරකම්වල යෙදෙන්න දරණ උත්සාහය නිසා තව දුරටත් මේ ස්ථානය වෙහෙසට පත් වී තත්ත්වය අයහපත් වීමට පුළුවන් Stress Fracture තත්ත්වය වළක්වා ගැනීමට නම් මේ රෝග තතත්වය වළක්වා ගැනීම ගැනත් අපි යම් දැනුවත් බවක් ලබා සිටීම වැදගත්.

ඒ අනුව ඔබේ ආහාර රටාව ගොඩනගා ගැනීම ඉතාම සරල උපදෙස් ලෙසින් සඳහන්කරන්න පුළුවන්. කැල්සියම් ආහාර අතරට කිරි, යෝගට්, මුදවපු කිරි, චීස්, කුඩා මාළු වන හැල්මැස්සන්, නිවිති,දොඩම්, පලා වර්ග වැඩි වශයෙන් ආහාරයට එක් කරගන්න.ඒ වගේම ඔබ ව්‍යායාම කිරීමේදී භාවිත කරන උපකරණ නිසාත් මේ තත්ත්වය ඇතිවීමට පුළුවන්. ඒ නිසා ඔබ භාවිත කරන පාවහන් සහ ක්‍රිඩා උපකරණ නිවැරදි ලෙසින් භාවිත කිරීම මගින් Stress Fracture තත්ත්වය වළක්වා ගැනීමට හැකියාවක් ඇති යෝග්‍ය උපකරණ සහ පාවහන් වීමත් වැදගත්.

● පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Stress Fracture, අස්ථි පිපුරුම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගාල්ලේ රැදවියන් අතරේ තිබූ Meningococcal

September 18, 2023

හිසට අනතුරක් වුණොත් මොළයට ලේ ගැලීමක්

September 18, 2023

පැලෝපීය නාලයේ කලලය පිළිසිදගැනීමේ අවදානම

September 18, 2023

නාසයේ මස් දල්ලක්…. දැන් මොකද කරන්නේ

September 11, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?