නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ඉරිසියාව ඔබට හානිකරයි
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

ඉරිසියාව ඔබට හානිකරයි

Published October 9, 2023

බොහෝදෙනා අන් අයගේ වත් පොහොසත්කම්, අධ්‍යාපන මට්ටම්, තනතුරු ලාභ වැනි දියුණුවේ මංපෙත් දැක මට නැති දේ ඒ අයට හිමි වුණේ කොහොමද ඇයි මට අහිමි වුණේ යනුවෙන් අන්‍යයන්ගේ සැපත සතුට ගැන අකුල් හෙළීම ඉරිසියාව ලෙස හඳුන්වන්න පුළුවන්. කිසිදු යහපතක් හිමි නොවන එවැනි දේ අතහැර කෙනෙකුගේ දියුණුව පැතීම තුළ නිතැතින්ම ඔබේ දියුණුව උදාවන බව තේරේවි…

ඉරිසියාව නරක ආකල්ප වර්ධනය කරයි

සාර්ථක පුද්ගලයින් දෙස බලන්න. ඔවුන් තුළ ඉරිසියාව නැත. ධනාත්මක ආකල්ප ඇති ඔවුහු සෑම කුඩා අවස්ථාවක්ම විශාල සාර්ථකත්වයක් බවට පත්කරගැනීමට පසුබට නොවෙති. ඔවුහු විවේකයක් ලැබෙන ඕනෑම වෙලාවක යමක් කිරීමට සූදානම් වෙති. ඉරිසියා කරන්නෝ ඒ වෙනුවට නිතරම පැමිණිලි කරනවා මිස තමුන්ට අවශ්‍ය දේ සිතීමට නොපෙළඹෙති

ඉරිසියාව සතුට නැතිකර, ණය බර සහ දුක්ඛිත බව ඇතිකරයි

ඔබට කාර්යාලයේදී හෝ වටපිටාවේදී කිසිවෙක් ඉරිසියාවෙන් කටයුතු කරන්නේ නම් ඒ දෙස හොඳින් බලන්න. එම තැනැත්තාගේ ජීවන රටාව සම්පූණයෙන්ම අඩුපාඩු සහිත දුක්ඛිත බවින් පිරුණු එකක් වන බව ඔබට වටහා ගන්නට හැකිවනු ඇත. තමන්ට නොලැබෙන දේ තව කෙනෙක්ට ලැබෙන විට එවැනි සිතුවිලි සමහරුන්ගේ සිත් තුළ ඉපදේ.

ඉරිසියාව වෘත්තියට බාධාවක්

ඔබට යමෙකුගේ උසස් වීමක් අසාධාරණ ලෙස පෙනිය හැකි නමුත් එයට තුඩුදුන් කළමනාකාරීත්වයේ තීරණ දැකගත නොහැකිය. ඉරිසියාව ග්‍රහණය කරගැනීම නිසා ක්‍රෝධය ඇති වී ඔබ හොඳ සේවකයකු වීම වළකයි. එමගින් ඔබගේ උසස්වීම් ලබාගැනීමේ අවස්ථා ක්‍රමයෙන් මගහැරී යයි. ඉරිසියාව අතහැර විශිෂ්ට ආකල්පයෙන් වැඩ කිරීම තුළින් ඔබ සතුටට පත්ව රැකියාවද දියුණුවට පත්වනු ඇත.

ඉරිසියාව මත්ද්‍රව්‍ය භාවිතයට පොළඹවයි

සමහරු මත්පැන්වලට සහ දුම්පානයට ඇබ්බැහි වන අතර තවත් සමහරුන් අනවශ්‍ය ලෙස ආහාර අනුභවයට පෙළඹෙති. එම පුරුදු තාවකාලිකව ඔබ තුළින් ඉරිසියාව පහකරන නමුත් පළිගැනීමේ චේතනාවක් සමග ඉරිසියාව නැවත මතුවෙයි. ස්වයං අවබෝධය සමග කටයුතු නොකරන තාක් කල් ඔබට මිතුරන් සහ පවුලේ අය නැතිී වී ආදායම අහිමිව බොහෝ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇත.

ඉරිසියාව සැකය ඇතිකරයි

‘ඇයි මටම විතරක් නැත්තේ‘ යන සිතිවිල්ල නිසා ඔබේ ආත්ම වටිනාකම ඔබ විසින්ම දියකර හරිනු ලබයි. ඔබේ තීරණ ඔබටම ප්‍රශ්නකාරී සහ අවිනිශ්චිත විය හැකිය. අනුන් හා සාකච්ඡා කිරීමට ඔබට නොහැකි වෙයි. මේ දක්වා කර ඇති තේරීම් ගැන ඔබ අවිශ්වාස කරන නිසා නිර්භීතව අලුතින් තීරණයක් ගැනීමට ඔබ මැළිවෙයි.

ඉරිසියාව ජීවිතයට ලැබෙන දේ අඩුකරයි

එක රැයින් සිදු නොවූවත් සාර්ථකත්වය ගැන නිතර සිතීමෙන් එකී ධනාත්මක සිතුවිලි ඔබේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වනු ඇත. ඔබට කිසිවක් නොලැබෙන බව නිතර සිතීමෙන් එම සෘණාත්මක සිතුවිලි ඔබේ ජීවිතයට අයහපත් ප්‍රතිපලම ඇතිකරයි

(https//www.wisebread.com ඇසුරෙන් )

සුනිල් අල්ගම

TAGGED: bad attitude, health, jealousy, miserable
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Swimming Pool වල මුත්‍රා කිරීම හදවතටයි පෙනහලුවලටයි හොඳ නැහැ

December 4, 2023

බැන්දට පස්සෙ ඇඳන් දෙකක් ළං කරලා නිදාගන්න හොඳ නෑ

December 4, 2023

සැප සපත්තු නොදමා දුවා අකිලා ලක්මවගේ කරේ රන් මාලා බැන්දා

December 4, 2023

ඉවතලන හාල් නිවුඩ්ඩෙන් දියවැඩියා – කොලෙස්ටරෝල් අයටත් අයිස්ක්‍රීම්

December 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?