අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු කැකුළු කිලෝ 1
- හකුරු ග්‍රෑම් 250
- මුං ඇට ග්‍රෑම් 300
- වියළි මිදි ග්‍රෑම් 200
- කජු මද ග්‍රෑම් 200
- පොල් කිරි කෝප්ප 6
- බටර් මේස හැඳි 3
- ලුණු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
රැයක් පෙගෙන්න තිබූ මුං ඇට විනාඩි 15 ක් පමණ තැම්බුනු පසු සෝදා ගරා ගත් හාල් ටිකද එයට එකතුකර හොඳින් තැම්බුනු පසුව කජු, වියළි මිදි සහ පොල් කිරි එකතුකර හොඳින් පිසගන්න.
එය හොඳින් ඉදීගෙන එන විට ග්‍රේට්කර ගත් හකුරු හා බටර් එකතුකර අවශ්‍ය පමණට රස අනුව ලුණු එකතු කර මද ගින්නේ හොඳින් පිස අවසානයේ කෙසෙල් කොළයක අතුරා කෑලි කපා මේසෙට යවන්න.