අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 3
- සීනි කොප්ප 1/2
- එළවළු තෙල් කෝප්ප 1/2
- පාන්පිටි කෝප්ප 1
- කස්ටඩ් පවුඩර් මේස හැඳි 2
- බේකින් පවුඩර් තේ හැඳි 1
- බේකින් සෝඩා තේ හැඳි 1/2
- කිරි කෝප්ප 1/2
- වැනිලා තේ හැඳි 1
- කහ වර්ණක බින්දු කිහිපයක්
සාදාගන්නා ආකාරය
බ්ලෙන්ඩර් එකකට බිත්තර, සීනි හා එළවළු තෙල් එකතුකර බ්ලෙන්ඩ් කරගන්න. පාන්පිටි, කස්ටඩ් පවුඩර්, බේකින් පවුඩර් සහ බේකින් සෝඩා එකට මිශ්‍රකර හලාගන්න. කලින් බ්ලෙන්ඩ් කරගත් බැටර් එක වෙන පෑන් එකකට දමා හලාගත් පිටි එක් කරගන්න. එයට කිරි ස්වල්පය බැඟින් එක් කරමින් හොඳින් කළවම් කරගන්න.
දැන් එයට වැනිලා සහ කහ වර්ණක එක් කරගන්න. බැටර් එක හොඳින් මිශ්‍ර කර බේකින් ටේ්ර එකකට ඔයිල් පේපර් එකක් දමා සාදාගත් බැටර් එක එයට දමාගන්න. විනාඩි 15 ක් ප්‍රීහීට් කරගත් අවන් එකක සෙල්සියස් 180 ක උෂ්ණක්වය යටතේ විනාඩි 30 ක් පමණ බේක් කරගන්න.