අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 350
- සීනි ග්‍රෑම් 375
- බේකින් සෝඩා ග්‍රෑම් 10
- කොකෝවා පවුඩර් ග්‍රෑම් 40
- ලුණු කුඩු තේ හැඳි 1
- එළවළු තෙල් මිලිලීටර් 150
- වැනිලා තේ හැඳි 1
- ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 450
සාදාගන්නා ආකාරය
අවන් එක සෙල්සියස් 175 උෂ්ණත්වය යටතේ ප්‍රීහීට් වෙන්න තියන්න. පාන්පිටි, සීනි, බේකින් සෝඩා, කොකෝවා පවුඩර් ලුණු කුඩු බෝල් එකකට එකතුකර හොඳින් මිශ්‍ර කරන්න.
ඉන්පසු තෙල්, වැනිලා හා ෆ්‍රෙෂ් මිල්ක් වෙන බෝල් එකකට එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. ඒ මිශ්‍රණයටම පිටි මිශ්‍රණයත් එක් කර හොඳින් කලවම් කර සදාගත් බැටර් එක ට්‍රේ එකට දමා විනාඩි 30 ක් පමණ බේක් කරන්න.
