අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි කෝප්ප 1
- පිටි කෝප්ප 1
- බේකින් පවුඩර් තේ හැඳි 1
- ලුණු තේ හැඳි 1/2
- කුරුඳු කුඩු තේ හැඳි 1/2
- බිත්තර 2
- එළවළු තෙල් කෝප්ප 2/3
- වැනිලා තේ හැඳි 2
- පොඩි කරගත් ඇඹුල් කෙසෙල් ගෙඩි 2
සාදාගන්නා ආකාරය
මුලින්ම වියලි ද්‍රව්‍ය සියල්ලම එකට මිශ්‍ර කරගන්න. එයට බිත්තර සහ එළවළු තෙල් දමා හොඳින් බීට් කර වැනිලා එකතු කරගන්න. අන්තිමට කෙසෙල් ටික එකතු කර නැවත හොඳින් බීට් කරගන්න. ලයිනර්ස් දාපු මෆින් ට්‍රේ එකකට දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටකේ විනාඩි 15 ක් ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 15 ක් බේක් කරගන්න.
