අවශ්‍ය ද්‍රව්‍ය
- මුං ඇට ග්‍රෑම් 300
- සුදු කැකුළු හාල් ග්‍රෑම් 500
- කරදමුංගු කරල් 2
- කුඩු කරගත් කුරුඳු පොතු කැබැල්ලක්
- පොල් ගෙඩි 1 1/2 ක කිරි
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මුං ඇට රැයක් පෙගෙන්නට තබා පසුව පැය 1/2 ක් තම්බා ගන්න. ගරා සෝදාගත් හාල් ටික ද මෙයට එකතු කරන්න. මුං ඇට හා හාල් හොඳින් තැම්බුනු පසුව පොල් කිරිවලට ලුණු හා සුවද ද්‍රව්‍ය එක් කර හාල් එකට දමා හොඳින් කලවම් කර ගන්න. පසුව ලුණු රස බලා කිරි බත හොඳින් ඉදුණු පසුව ළිපෙන් ඉවත් කර එය කෙසෙල් කොළේ හෝ ට්‍රේ එකක අතුරා අවශ්‍ය හැඩයට කපා ගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/12/nilmini-ariyawansa.png)