අවශ්‍ය ද්‍රව්‍ය
- නූඩ්ල්ස් ග්‍රෑම් 150
- ලුණු තේ හැඳි 1/4
- තෙල් තේ හැඳි 1
- වතුර ස්වල්පයක්
- බටර් මේස හැඳි 2
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1/2
- සිහින්ව කපාගත් කැරට් 1
- සිහින්ව කපාගත් ලීක්ස් ස්වල්පයක්
- කහ කුඩු තේ හැඳි 1/4
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පෑන් එකකට වතුර, තෙල්, ලුණු දමා හොඳින් රත් වූ විට එයට නූඩ්ල්ස් එකතු කර තම්බා වතුර පෙරා ගන්න. රත් වූ පෑන් එකකට ලූනු, කැරට්, ලුණු සහ කහකුඩු දමා හොඳින් තෙම්පරාදු කර එයට ලීක්ස් සහ තම්බා ගත් නූඩ්ල්ස් ද දමා තෙම්පරාදු කරගන්න.